Samsung සමාගමේ Galaxy M series හි නවතම සාමාජිකයා වන Galaxy M42 5G ළඟදීම නිකුත් වීමට නියමිතයි.
බැලු බැල්මට Galaxy A42 5G එක වගේ පෙනුනත් මෙම devices දෙක වෙනස් වෙන තැනක් තමයි specs.

Specifications
- Display - 6.6-inch Super AMOLED display with HD+ resolution
- Main Camera - 48MP primary camera, 8MP ultrawide lens, 5MP macro, 5MP depth
- Selfie Camera - 20 MP (wide)

මෙහි කැමරා features සඳහා Single Take (shutter එක click කර phone එක එහා මෙහා කරමින් විවිධ කෝණයන්ගෙන් චායාරුපයක් ගැනීමට.), Night Mode, Hyperlapse, Super-Slow motion, Scene Optimizer, and Flaw Detection ආදී දැනට සාමාන්‍යයෙන් high-end galaxy phones වල තිබෙන බොහෝ features ඇති බව සඳහන් වනවා.
- Chipset - Snapdragon 750G (8nm)
- RAM/Storage - 6/8GB RAM, 128GB storage (microSD expandable upto 1TB)
- Battery - 5,000 mAh, 15W charging

මෙහි battery capacity ගැන Samsung හි වාර්තා වලට අනුව නම්, එක් charge එකකින් පැය 36ක talk time ද, පැය 22ක internet browsing හා පැය 34ක video play ද ඇති බව සඳහන් වෙනවා. කෙසේ වුවත් මෙම සංඛ්‍යාවන් වෙනස් විය හැකි බව ඔබ දන්නවා.
දැනට තිබෙන විදෙස් වාර්තා වලට අනුව ඉන්දියාවේ මිල ගණන් දැක්වෙන්නේ 6/128GB model එක ඉන්දියානු රුපියල් (INR) 21,999 ($295) කටද, 8/128GB model එක INR 23,999 ($322) කටද ලෙසයි.
ඉන්දියාවට නිකුත් වී දින කීපයකින්ම ශ්‍රී ලංකාවෙත් නිකුත් වෙයි කියා අනුමාණ කරන්න පුළුවන්.
Source: GSMArena