Loading...
Galaxy S21 series එක සඳහා Bixby හරහා Voice unlocking පහසුකම එකතු කිරීමට Samsung සමාගම සූදානම් වේ

සෑම Smartphone නිෂ්පාදකයෙකු වගේම ඔවුන්ගේ Devices සදහා Face Unlock Feature එක ලබා දි තිබෙනවා. මිට අමතරව Fingerprint Sensor එකක් දකින්න පුළුවන්. බොහෝ Smartphoneවල මෙය In Display Fingerprint Sensor එකක් හෝ Physical Fingerprint Scanner එකක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම Samsung සමාගමේ S21 Series එක සදහා Voice Unlock Feature එක ලබා දිමට ඔවුන් සුදානම් බව මේ වන විට වාර්තා වෙනවා.

මේ Voice Unlock Feature එක මිට පෙර සමහර Samsung Devices සදහා Bixby සමග ලබා දි තිබුණ අතර පසුව ඔවුන් විසින්ම මේ Feature එක ඉවත් කර දැමිමට කටයුතු කරනු ලැබුවා. වාර්තා වෙන තොරතුරුවලට අනුව මේ Voice Unlock Feature එක One UI 3.1 Version එකත් සමග Samsung Galaxy S21 Series එක සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ⁣මිට පෙර ලබා දි තිබු මේ Feature එකේදි නම් Device එක Unlock කිරිමට "Hi Bixby" ලෙස කිය යුතු වෙනවා. 2021 දි එන මේ Voice Unlock Feature එකත් මේ වගේම එකක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

නිල Samsung support පිටුව දක්වන ආකාරයට නම් "Hi Bixby" Voice Command එකත් සමග Device එක Unlock කිරිම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව කියන්න පුළුවන්. කෙසේ වෙතත් Face ID හා Fingerprint Unlock සමග සසදා බැලිමේදි නම් අපිට මේ Voice Unlock Feature එක ගැන පොඩි අනාරක්ෂිත බවක් ඇති වෙනවා. කෙසේ වෙතත් මේ Voice Unlock Feature එක නම් අපිට ඉතා වැදගත් වෙන Feature එකක් විදිහට දක්වන්න පුළුවන්.

Sources : Gizmochina, Sammobile