Loading...
Samsung සමාගම විසින් Next Generation Galaxy S22 Series එක එළිදැක්විමට කටයුතු කරයි

ලොව පුරා Samsung රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බලා සිටි The Epic Standard Galaxy Unpack Event එක ඊයේ දිනයේදි පැවැත්වුණා. මෙහිදි Samsung සමාගම විසින් ඔවුන් මෙතෙක් එළිදැක්වු The Most Noteworthy S Series එක නිල වශයෙන් එළිදැක්විම සිදු කරනු ලැබුවා.

Samsung සමාගම විසින් ඊයේ නිල වශයෙන් එළිදැක්විමට කටයුතු කරනු ලැබු මේ Galaxy S22 Series එක ගැන අපි දැන් බලමු.

Galaxy S22 Series එක යටතේ Galaxy S22, Galaxy S22 Plus සහ Galaxy S22 Ultra ලෙසින් Devices තුනක් එළිදැක්වීමට Samsung සමාගම විසින් කටයුතු කරනු ලැබු අතර මේ Devices Phantom Black, Phantom White, Green, Pink Gold සහ Burgundy යන Coloursවලින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා.

Galaxy S22 & Galaxy S22 Plus

Design & Display

මේ Galaxy Devices දෙකම එකම Design එකෙන් සමන්විත වෙන අතර Galaxy S22 Device එක අගල් 6.1ක Display එකකිනුත් Galaxy S22 Plus Device එක අගල් 6.6ක Infinity O Display එකකිනුත් සමන්විත වෙනවා. Devices දෙක සදහාම Samsung සමාගම විසින් 120Hz Display Refresh Rate එකෙන් හා Vision Booster Technology එකෙන් සමන්විත FHD+ Dynamic AMOLED 2X Display ලබා දි තිබෙනවා.

එමෙන්ම මේ Devices නිෂ්පාදනය සදහා Samsung සමාගම විසින් ඔවුන්ගේ ශක්තිමත්ම Armor Aluminum Frame හා නවතම Corning Gorilla Glass Victus+ මේ Devicesවල Display එක සදහා යොදා ගෙන ඇති අතරම සම්පූර්ණයෙන්ම Water Resistance වෙනවා.

Processor & Storage

මුළු Galaxy S22 Series එක සදහාම Samsung සමාගම විසින් ඔවුන්ගේ Exynos 2200 Chipset එක සහ Snapdragon 8 Gen 1 Chipset එක යොදා ගෙන තිබෙන අතර ඔවුන් විසින් තෝරාගත් කලාප අනුව ඒ ඒ Chipset එකෙන් යුතු Devices නිකුත් කරනු ඇත. ඔවුන් විසින් මේ Galaxy S22 Series එක සදහා භාවිත කරන Chipset එක මෙතෙක් Galaxy Devices එකක භාවිත වු වේගවත්ම 4nm Chipset එක වෙනවා.

Galaxy S22 සහ Galaxy S22 Plus Devices 8GB RAM එකකින් යුතුව 128GB හෝ 256GB යන Storage Optionsවලින් මිලදි ගන්න පුලුවන්.

Camera

Galaxy S22 සහ Galaxy S22 Plus Devices දෙක සදහාම එකම Camera Setup එක ලබා දෙන්න Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා. මේ Devices සදහා 12MP Ultrawide Camera එකක්, 50MP Wide Camera එකක් හා 10MP Telephoto Camera එකක් ලබා දි තිබෙන අතර Devices දෙක සදහාම 10MP Front Camera Setup එකකුත් ලබා දි තිබෙනවා.

මේ Galaxy S22 Devices දෙක සදහාම Super Resolution Photos ගැනිමේ හැකියාව, 100X දක්වා වු Space Zoom පහසුකම, Photo Remaster, Object Eraser, Pro Video හා Director View ආදි වැදගත් Camera Features රැසක් අමතරව ලබා දි තිබෙනවා.

Battery & Charging

Galaxy S22 Device එක සදහා 3700mAh Battery Capacity එකකුත් Galaxy S22 Plus Device එක සදහා 4000mAh Battery Capacity එකකුත් ලබා දි තිබෙන අතරම මේ Devices දෙකම 25W Fast Charging සදහා සහය දක්වනු ලබනවා. එමෙන්ම මින් Galaxy S22 Plus Device එක 45W Super Fast Charging සදහා සහය දැක්වීම සිදු කරනවා. එමෙන්ම Wireless Power Share Feature එකත් මේ Devices සදහා ලබා දි තිබෙනවා.

Price

Galaxy S22 Smart Phone එක ⁣800$ පමණ මුදලක්ටත්, Galaxy S22 Plus Smart Phone එක 1100$ පමණ මුදලක්ටත් දක්වා තිබෙනවා.

Galaxy S22 Ultra

Design & Display

Galaxy S Series Device එකක Design එකෙන් තරමක් වෙනස් වෙමින් Galaxy Note Series Device එකක Design එකට ආසන්න වෙමින් නව Design එකකින් යුතුව Galaxy S22 Ultra Device එක එළිදැක්විමට Samsung සමාගම කටයුතු කලා. 120Hz Display Refresh Rate එකකින් සමන්විත අගල් 6.8ක Vision Booster Technology එකෙන් සමන්විත QHD+ Dynamic AMOLED 2X Display එකක් මේ සදහා ලබා දි තිබෙනවා.

Galaxy S22 Ultra Device එක නිෂ්පාදනය සදහා Samsung සමාගම විසින් ඔවුන්ගේ ශක්තිමත්ම Aluminum Frame හා නවතම Corning Gorilla Glass Victus+ මේ Device එකේ Display එක සදහා යොදා ගෙන ඇති අතරම සම්පූර්ණයෙන්ම Water Resistance වෙනවා.

Processor & Storage

Galaxy S22 Series එක සදහාම Samsung සමාගම විසින් ඔවුන්ගේ Exynos 2200 Chipset එක සහ Snapdragon 8 Gen 1 Chipset එක යොදා ගෙන තිබෙන අතර ඔවුන් විසින් තෝරාගත් කලාප අනුව ඒ ඒ Chipset එකෙන් යුතු Devices නිකුත් කරනු ඇත. ඔවුන් විසින් මේ Galaxy S22 Series එක සදහා භාවිත කරන Chipset එක මෙතෙක් Galaxy Devices එකක භාවිත වු වේගවත්ම 4nm Chipset එක වෙනවා.

Galaxy S22 Ultra Device එක 8GB හෝ 12GB RAM Optionsවලින් මෙන්ම 128GB, 256GB, 512GB හෝ 1TB යන Storage Optionsවලින් මිලදි ගන්න පුලුවන්.

Camera


108MP Wide Camera එකකින්, 12MP Ultrawide Camera එකකින් සහ 10MP බැගින් වු Telephoto Camera Lenses දෙකින් යුතු Quad Camera Setup එකකින් මේ Device එක සමන්විත වෙනවා. Selfie Camera එක සදහා 40MP Camera Setup එකක් ලබා දි තිබෙනවා.

Galaxy S22 Ultra Device එක සදහාත් Super Resolution Photos ගැනිමේ හැකියාව, 100X දක්වා වු Space Zoom පහසුකම, Photo Remaster, Object Eraser, Pro Video හා Director View ආදි වැදගත් Camera Features රැසක් අමතරව ලබා දි තිබෙනවා.

S Pen

Samsung සමාගමේ Galaxy Note Series එක සදහා අනන්‍ය වු S Pen සහය පසුගිය වසරේ Galaxy S21 Series එක සදහා ලබා දෙනු ලැබුවා. Galaxy Note Series එක නවතා දැමිමෙන් පසු බොහෝ දෙනා බලාපොරොත්තු වු පරිදි Galaxy S22 Ultra Device එකත් සමග S Pen එක රදවා ගැනිමේ හැකියාව Note Series Device එකක ආකාරයටම ලබා දි තිබෙනවා.

Battery & Charging

මේ Device එක සදහා 5000mAh Battery Capacity එකක් ලබා දි තිබෙන අතරම මෙය 45W Super Fast Charging සදහා සහය දැක්වීම සිදු කරන අතරම Wireless Power Share Feature එකත් ලබා දි තිබෙනවා.

Price

Galaxy S22 Ultra Smart Phone එක 1200$ පමණ මුදලකට දක්වා තිබෙනවා.

Source: Samsung