Loading...
Snapdragon 898 Chipset එකත් සමඟ නිකුත් වන Samsung Galaxy S22 Smart Phone එකේ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වේ

මේ වන විට අන්තර්ජාල තුල Galaxy S22 සහ Galaxy S22+ devicesවල front look එක යැයි සැලකිය හැකි Photos හුවමාරු වෙමින් පවතිනවා. ඒ එම device එකේ tempered glass වල ඡායාරූප මඟිනුයි. මෙය බැලූ කළ එකවරම පෙනී යන්නේ මෙම Galaxy S21 සහ Galaxy S21+ devices වලට ඉතා සමාන බවයි.

නමුත් සංසන්දනාත්මකව බැලූ විට පෙනී යන්නේ S21 device එකට වඩා S22 device එකේ තරමක් දුරට rounded corners වැඩි කර ඇති බවයි. කෙසේ නමුත් tempered glass එකක් මඟින් මෙහිදී rounded corners හැරෙන්නට වෙන අදහසක් ගත නොහැකියි.ඒත් සමඟම 25W fast charging පහසුකමත් සහිත බව සඳහන්.

Samsung Galaxy S22 Render

තවද දැනට තොරතුරු ලැබී ඇති පරිදි Galaxy S22 and S22+ devices වල Primary Shooting Cam එක 50Mp සමඟ එය four-in-one pixel binning තාක්ෂණයට ද සහාය දක්වන බව සඳහන්.

Samsung Galaxy S22 series එක නිකුත් වන කාල පරාසයක් ලෙස ඊලඟ වසරේ මුල් භාගය බව බොහෝ දෙනා ඉගි පළ කර තිබෙනවා.

Source: Gizmochina