Loading...
Samsung Galaxy S23 Ultra දුරකතනයේ specs අන්තර්ජාලයට නිකුත් ​වේ

2023 වර්ෂය සදහා නියමිත Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 Ultra Smartphone එක එළිදැක්වීමට නියමිතව පවතිනවා. එහි Rumors කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ පැතිර යන අතර ඒ මොනවාද කියා අපි මේ ලිපියෙන් සොයා බලමු.


පැතිරීයන Rumors වලට අනුව මෙහි Display එක S22 Ultra Device එකට බොහෝ සෙයින් සමාන අඟල් 6.8 QHD+ Display එකක් යොදා තිබෙනවා. මෙහි Chipset එක ලෙස Snapdragon 8 Gen 2 Chip එකෙහි Structure එකට සමාන 3.36GHz දක්වා වූ වේගයක් ඇති 3 Cluster Custom Variant Chipset එකක්, RAM එක ලෙස 12GB හෝ ඊට වැඩි RAM එකක් සහ 1TB Internal Storage එකක් යොදා ඇති බවට සඳහන් වනවා.

Source: myfixguide.com

මෙහි Camera Setup එකට 200MP Main Camera එකක් භාවිතා කරනු ලබනවා. තවද 12MP Ultra-Wide Lens එකක් 12MP 3x zoom සහිත Telephoto Lens එකක් සහ 10x zoom සහිත 12MP Telephoto Lens එකක් මෙහි අඩංගු වන බව පැතිරී යන Rumors තුළින් පෙනී යනු ලබනවා.

Source: sammobile.com

මීට අමතරව මෙහි In Display Fingerprint Scanner එකක්, 5,000mAh Battery එකක් ඇතුළත් වනවා.

Design එක සලකා බැලූ විට S23 සහ S23+ හි Design එක S22හි Design එකට බොහෝ සෙයින් සමාන වන අතර S23 Ultraහි Design එකේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි සඳහන් වනවා.

මේවා කිසිවක් තවමත් මේ Smartphone එක පිළිබඳ නිල තොරතුරු නොවන අතර මෙය එළිදැක්වීමට මාස කිහිපයක් පමණක් ඉතිරිව ඇති නිසා Galaxy S23 Series එක පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: beebom.com www.91mobiles.com