Loading...
Galaxy S24 Ultra සඳහා 24MP Default Camera Resolution එකක් ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා Samsung Galaxy S24 series එක එළඹෙන ජනවාරි 17 වනදා පමණ නිකුත් වීමට නියමිත වන බවත්, මෙය සඳහා Titanium භාවිත කරනු ඇති බවත්. ඒ වගේම මේ වන විට මේ S24 Series එකේ Camera Setup එත පිළිබඳවත් තවත් තොරතුරු අන්තර්ජාලය තුළ වාර්තා වෙමින් පවතිනවා.

එලෙස වාර්තා වන තොරතුරුවලට අනුව පසුගිය Galaxy S23 Ultra එක සඳහා ලබා දුන් Camera Hardwares මේ Galaxy S24 Ultra සඳහාත් ලබා දෙනු ඇති අතරම ඒ සමඟ නව AI Improvements කිහිපයක් ලබා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්. එමෙන්ම Default Camera Output එක ලෙස 24MP Resolution එකක් ද 200MP Quad Camera Unit එකකින් ද මෙය සමන්විත වනු ඇත.

ඔබට මතක නම් පසුලිය Galaxy S23 Ultraහි Default Camera Resolution එක වුයේ 12MP Resolution එකකුයි. මෙවර ඉහත ලෙස Samsung සමාගම විසින් S24 Ultra සඳහා 24MP Default Camera Resolution එකක් ලබා දෙන්නේ නම් එය Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 15 Series එකේ Default Camera Resolution එකට සමාන වනු ඇත.

එමෙන්ම මීට අමතරව AI Based Photo Remaster Feature එකත්, ND Filter පහසුතමත් සහ optical image stabilisation (OIS) පහසුකම සමඟින් 8K Video Recoding හැකියාවත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

මේ Series එක සඳහා AI-supported object-aware engine එකෙන් බලගැන්වෙනු ලබන 200MP Quad Camera Setup එකක් භාවිත වනු ඇතැයි ද තොරතුරු වාර්තා වනව අතරම මේ Quad Camera Setup එකේ අනෙක් Camera Lenses ලෙස 12MP ultra-wide sensor එකකුත්, 50MP 5x telephoto lens එකකුත් සහ 10MP 10x telephoto lens එකකුත් අඩංගු වනු ඇතැයි දක්වන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ තොරතුරු කිසිවක් තවමත් නිල වශයෙන් Samsung සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර ඉදිරි සති කිහිපය තුළ මෙයටත් වඩා සනාථ කර හැකි තොරතුරු වාර්තා වෙනු ඇතැයි අපට බලාපොරොත්තු වන්ක පුලුවන්.

Source: gadgets360