Loading...
Galaxy S මාදිලියේ සිහින්ම දුරකතනය - Samsung Galaxy S25 Edge

Galaxy S මාදිළියේ සිහින්ම දුරකථනය වන Galaxy S25 edge පිළිබඳ නවතම තොරතුරු Samsung සමාගම පසුගිය මැයි 13 වන දින එලිදක්වනු ලැබීය. මෙය ඉතා සිහින්, 5.8mm පමණ ඝනකමකින් යුත් ටයිටේනියම් බොඩි එකකින් සාදන ලද ඉහල මට්ටමේ කාර්යක්ෂමතාවක් ලබාදෙන දුරකතනයකි. S25 edge දුරකතනය S මාදිළියේ ඇති පහසුකම් සමග නිකුත් වන අතර Galaxy AI තාක්ෂණයෙන් යුත් කැමරාවක් සහ නව බාහිර පෙනුමකින් යුතු පහසුවෙන් ගෙනයා හැකි දුරකතනයක් වෙනවා.

ඉතා සිහින් ශක්තිමත් සැකැස්ම

0:00
/0:06

Galaxy s 25 edge ඝනකමින් 5.8 mm අතර බරින් 163g තරම් සැහැල්ලු දුරකතනයක් වේ.එහි ටයිටේනියම් රාමුව හා වක්‍ර ආකාරයේ කෙළවර දෛනික භාවිතයට පහසුවක් සලසනවා. Display එකේ ආරක්ශාව සදහා නවතම Corning Gorilla Glass Ceramic 2 භාවිතාකර ඇති එමගින් ඉතා ශක්තිමත් හා ආකර්ෂණීය තිර අත්දැකීමක් පරිශීලකයන්ට ලබා දෙනවා.

බලවත් 200MP කැමරාව

S25 edge හි සිහින් සැකැස්ම නිසා ඡායාරූප ගැනීම පහසු වන අතර S මාදිළියේ අනෙකුත් දුරකතනවල මෙන්ම 200MP කැමරාවක් දක්නට ලැබෙනවා. අඩු ආලෝක තත්ත්ව (Nightography) වලදී 40% කට වැඩි brightness වර්ධනයක් සමග සුපැහැදිලි ඡායාරූප ගැනීමට හැකියාව ලැබෙනවා. 12MP ultra wide කැමරාව හරහා macro photo ගැනීමේ පහසුකම ද සලසා තිබෙනවා.

0:00
/0:06

මෙයද galaxy s25 මාදිළියේ ඇති ProVisual Engine එකම භාවිතා කරන අතර එමගින් ඡායාරූප වල වර්ණ හා ගුණාත්මක බව ඉහල නංවනවා. එමෙන්ම Audio eraser Drawing assist වැනි Galaxy Ai විශේශාංග ද මෙහි අන්තර්ගත වෙනවා.

ඉහල කාර්යක්ෂමතාව

S25 edge හිද අනෙකුත් S25 මාදිලිවල භාවිතා කල Snapdragon 8 elite ප්‍රොසෙසරයම දක්නට ලැබෙන අතර එමගින් AI සැකසුම් සදහා අවශ්‍ය බලයද ලබා දෙනවා. භාවිතයේදී දුරකථනය සිසිල් ව තබා ගැනීමට vapor chamber එකක් යොදාගෙන තිබෙනවා.

Wireless charging පහසුකම, Android 15 මගින් බලගැන්වෙන මෙ​හි OneUI 7.0 දක්නට ලැබෙනවා

Galaxy AI විශේශාංග

Samsung Knox Vault හරහා ආරක්ශාව සහතික කල AI අත්දැකීමක් පරිශීලකයන්ට මේ හරහා ලබා ගත හැකිවන අතර Now Brief සහ Now Bar වැනි මෙවලම් සමග තෙවන පාර්ශවීය යෙදුම්ද භාවිතා කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. Gemini Live මගින් කැමරාව හරහා හෝ තිරයේ ඇති තොරතුරු හරහා ගැටලු වලට විසදුම් ලබා ගැනීමටත් පුලුවන.

ලබා ගත හැකි වර්ණ

Galaxy S25 Edge දුරකතනය Titanium Silver, Titanium Jetblack, සහ Titanium Icyblue වර්ණවලින් වෙලදපොලට නිකුත් වෙනවා.

දැනටමත් pre-order කටයුතු ආරම්භ වී ඇති අතර මැයි 30 සිට බෙදා හැරීම් කටයුතු සිදු කරනු ලබනවා.

S25 Edge හි Specification පහතින්,

Source: news.samsung.com www.samsungmobilepress.com