Samsung සමාගම විසින් ඔවුන්ගේ මීලග Galaxy Unpacked Event එක එළඹෙන ජුලි මස අවසන් සතියේදී පැවැත්වීමට නියමිත බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මේ Event එක බොහෝ විට ජුලි 26 වන දින පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතරම මෙය දකුණු කොරියාවේ සියෝල්හි COEX හිදී පැවැත්වීමට නියමිත බවටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
මේ Galaxy Unpacked Event එකේදී Samsung සමාගමේ 5th Generation Galaxy Z Flip 5, Galaxy Z Fold 5 යන Foldable Smart Phones සහ Galaxy Tab S9 Series එකත් එළිදැක්විමට නියමිත වන අතර මීට අමතරව Galaxy Watch 6 Series එකත් එළිදැක්විමට නියමිත බවට දක්වන්න පුලුවන්.
මින් Galaxy Z Fold 5 සඳහා අගල් 6.2ක Cover Display එකක් සහ අගල් 7.6ක Primary Foldable Display එකකින් සමන්විත වන අතර, Galaxy Z Flip 5 සඳහා අගල් 3.4ක Cover Display එකක් සහ අගල් 6.7ක Primary Display එකකින්ද සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ Devices දෙකම the Snapdragon 8 Gen 2 Chipset එකෙන් බලගැන්වෙනු ඇති අතර Galaxy Z Fold 5 සඳහා 12GB RAM එකකුත් Galaxy Z Flip 5 සඳහා 8 GB එකකුත් ද ලබා දෙනු ඇතැයිද තොරතුරු වාර්තා වනවා. මීට අමතරව මේ Galaxy Foldable Smart Phones Series එක IP58 rate එකෙන් සමන්විත වනු ඇති බවත් වැඩි දුරටත් දක්වන්න පුලුවන්.
Sources: gsmarena.com www.cnet.com