Loading...
Galaxy Fold 5 සහ Flip 5 දුරකතන ජූලි මස අග​දී එලිදක්වන බට තොරතුරු වාර්තා ​වේ

Samsung සමාගම විසින් ඔවුන්ගේ මීලග Galaxy Unpacked Event එක එළඹෙන ජුලි මස අවසන් සතියේදී පැවැත්වීමට නියමිත බවට මේ වන විට ⁣තොරතු​රු වාර්​තා වනවා. ඒ අනුව මේ Event එක බොහෝ විට ජුලි 26 වන දින පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැ​කි අතරම මෙය දකුණු කොරියාවේ සියෝල්හි COEX හිදී පැවැත්වීමට නියමිත බවටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

මේ Galaxy Unpacked Event එකේදී Samsung සමාගමේ 5th Generation Galaxy Z Flip 5, Galaxy Z Fold 5 යන Foldable Smart Phones සහ Galaxy Tab S9 Series එකත් එළිදැක්විමට නියමිත වන අතර මීට අමතරව Galaxy Watch 6 Series එකත් එළිදැක්විමට නියමිත බවට දක්වන්න පුලුවන්.

මින් Galaxy Z Fold 5 සඳහා අගල් 6.2ක Cover Display එකක් සහ අගල් 7.6ක Primary Foldable Display එකකින් සමන්විත වන අතර, Galaxy Z Flip 5 සඳහා අගල් 3.4ක Cover Display එකක් සහ අගල් 6.7ක Primary Display එකකින්ද සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ Devices දෙකම the Snapdragon 8 Gen 2 Chipset එකෙන් බලගැන්වෙනු ඇති අතර Galaxy Z Fold 5 සඳහා 12GB RAM එකකුත් Galaxy Z Flip 5 සඳහා 8 GB එකකුත් ද ලබා දෙනු ඇතැයිද තොරතුරු වාර්තා වනවා. මීට අමතරව මේ Galaxy Foldable Smart Phones Series එක IP58 rate එකෙන් සමන්විත වනු ඇති බවත් වැඩි දුරටත් දක්වන්න පුලුවන්.

Sources: gsmarena.com www.cnet.com