Loading...
Samsung Galaxy Watch 4 සහ Watch Active 4 මෙම වසරේ Wear OS සමඟින් වෙළඳපලට නිකුත් කෙරෙන බව තොරතුරු වාර්තා වේ

Samsung සමාගමේ Smart Watch Series එක යටතේ පසුගිය වසරේ දි Galaxy Watch 3 Series එක නිකුත් කරනු ලැබුවා. මේ වසරේ එහි මිලග Watch Series එක ලෙස Galaxy Watch 4 and Watch Active 4 Series එක නිකුත් කිරිමට Samsung සමාගම සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

දැනට තිබෙන තොරතුරු අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Watch Series සාමාන්‍යයෙන් එළිදක්වන කාලයට පෙර මේ Watch Series එක එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බවට වාර්තා වෙනවා. Ice Universe පල කර ඇති Twitter සටහනට අනුව ඔහු විසින් දක්වා ඇත්තේ මේ  Galaxy Watch 4 Series එක මේ වසර දෙවන කාර්තුවේදි පමණ නිකුත් විමට නියමිතව ඇති බවයි.

එනම් බොහෝ විට අප්‍රේල් සිට ජුනි දක්වා කාලය අතරතුර මේ Watch Series එක නිල වශයෙන් නිකුත් විය හැකි වෙනවා. සාමාන්‍යයෙන් Galaxy Watch Series එක Flagship Note Series එක සමග මිට පෙර නිකුත් වි පැවතුනත් මේ Watch Series එක Apple Watch Series 7 නිකුත් විමට පෙර එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බැවින් පෙර වසරවල්වලට පෙර නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Galaxy Watch 4 Series එක Model දෙකකින් වෙනස් ප්‍රමාණයන් දෙකකින් එළිදැක්වෙනු ඇත. Circular AMOLED Screen එකකින් යුතු වෙන මෙහි LTE, Heart Rate Monitor, ECG හා GPS වගේම Exercise හා Activity Tracking Features සමග Swim Safe Build එකකින් යුතුව නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ Galaxy Watch Series 4 එකත් සමග Blood Glucose Level එක Monitor කිරිමේ Feature එකත් හදුන්වා දෙන බවට තොරතුරු පල වෙනවා. ඒ වගේම මෙතෙක් Galaxy Watchesහි ක්‍රියාත්මක වු Tizen OS එක වෙනුවට මේ Watch Series 4 එකේ සිට Google Wear OS එක භාවිත කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙන බවත් කියන්න පුළුවන්.

ඒ අනුව Galaxy Watch Series 4 එකත් සමග Galaxy Watch Userලාට අලුත්ම Experience එකක් ලබා ගැනිමට හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වෙනස්කම් සමග 2020 දි Global Smartwatch Saleවල 10%කට පමණ හිමිකම් කි Samsung සමාගම මේ වසරේදි එහි ප්‍රමුඛයා විමේ බලාපොරොත්තුවෙනුත් පසු වෙනවා.

Source : Gizmochina, Ice Universe, Tech Radar