Loading...
Devices තුනක් එක විට Charge කල හැකි Pad Trio නම් Wireless Charger  එකක් Samsung සමාගම හඳුන්වා දීමට සැරසේ

Samsung සමාගමේ පළමු Wireless Charger එක විදිහට 2018 දි Samsung Wireless Charger Duo ඉදිරිපත් කරා. මෙය Samsung පාරිභෝගිකයින් අතර හොද ජනප්‍රියතාවක් ලබා ගැනිමට සමත් වු Product එකක් විදිහට සලකන්න පුළුවන්.

ඉන් අවුරැදු දෙකකට පමණ පසුව ඒ කියන්නේ අද වෙනකොට Samsung ආයතනය විසින් ඔවුන්ගේ මිලග Wireless Charger එක හදුන්වා දිමට සුදානම් වන බවට දැනට පලවෙන Leaks & Renders අනුව කියන්න පුළුවන්. ඒ වගේම මේ Wireless Charger එකෙන් එකවර Devices තුනක් Charge කිරිමට හැකි වන ආකාරයේ නව Model එකක් හදුන්වා දිමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.  Twitter Leaker කෙනෙක් වෙන Evan Blass විසින් මේ වන විට මේ Wireless Charger එක ගැන Renders පල කර තිබෙනවා.

Pad Trio

මේ නව Samsung Wireless Charger එක "Pad Trio" ලෙස නම් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Wireless Charging Pad එකත් සමග මොවුන් Fast Charging Support USB Type C Port එකක් ද අඩංගු වන බවට කියන්න පුළුවන්. ඒ වගේම මේ Wireless Charger එක Qi Wireless Charging Standard එකට අනුකුල වෙනවා. අමතරව Fast Charging Cable එකක් හා USB-C Power Adapter එකක් මේ සමග අඩංගු වන බව කියන්න පුළුවන්. ඒ වගේම මේ මගින් අපේ Smartphone, Smart Watch එක හා Galaxy Buds එකවර ආරෝපණය කරන්න හැකි වෙනු ඇති.

බොහෝ දුරට මේ Samsung Wireless Charger Pad Trio 15W Charging සදහා සහය දක්වන බව කියන්න පුළුවන්. ඒ වගේම මේ Charging Pad එක Color Variant කිහිපයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Product එක ඉතා ඉක්මනින්ම Samsung ආයතනය විසින නිවේදනය කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ විට සැප්තැම්බර් පළමු වනදාට යොදා ඇති Galaxy Z Fold 2 Lunch Event එකේදි මේ Samsung Wireless Charging Pad Trio එක ගැන නිල වශයෙන් නිවේදනයක් නිකුත් වෙන්න ඉඩකඩ පවතිනවා.

Sources : Gizmochina, SamMobile