Loading...
Galaxy A52 සඳහා One UI 5 Beta නිකුත් කරයි

පසුගිය අගෝස්තු මාසයේදී Samsung සමාගම විසින් සිය Android 13 මත පදනම් වූ One UI 5 Beta Update එක Samsung Galaxy S22 මාදිලි පෙළ සඳහා හඳුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍යයන් සහ ඔවුන්ගේ Community Forum වල සදහන් වන ආකාරයට බොහෝ පරිශීලකයන්ගේ අදහස වී ඇත්තේ මෙම One UI 5 Beta Version එක Mid Range දුරකථන සඳහා ද ලබා දීම සුදුසු බවයි.

කෙසේ නමුත් Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy A52 දුරකථන මාදිලිය සඳහා මෙම One UI 5 Beta Update එක නිකුත් කිරීම සිදුකර තිබෙන අතර වැදගත් කරුණ වන්නේ මෙලෙස නිකුත් කළ Beta Version එක අවසන්, සම්පූර්ණ හෝ ස්ථාවර Beta Version එකක් නොවන අතර මෙය Open UI 5 Public Beta Version එකක් වනවා.

Samsung සමාගම සඳහන් කරනු ලබන ආකාරයට Galaxy A52 දුරකථන පරිශීලකයන් හට Samsung Members App එක මගින් නව One UI 5 Beta වැඩසටහන සඳහා සම්බන්ධ වීමට හැකියාව ඇති බවයි. ඉන් පසුව එම දුරකථන සඳහා One UI 5 Beta Version එක සදහා යාවත්කාලීන කිරීමේ පහසුකම ලැබෙන බව වැඩිදුරටත් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය තවමත් ඉන්දියාව සඳහා පමණක් නිකුත් කර ඇති අතර ඉදිරියේදී අනෙකුත් රටවල්වල පරිශීලකයන් සඳහා ද ලබා දෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි.

මෙලෙස Galaxy A52 සඳහා ලබාදෙන One UI 5 Beta යාවත්කාලීනය Galaxy S22 සඳහා ලබාදී ඇති One UI 5 Beta යාවත්කාලීනයට වඩා තරමක් Features අඩු වන නමුත් එහි පවතින අන්තර්ගතයන් බොහෝමයක් මෙම යාවත්කාලීන කිරීම තුල ද අන්තර්ගත වන බව සඳහන් වනවා.

Sources: XDA Developers Sammobile Gizmochina Samsung Newsroom