Loading...
Samsung සමාගම ඔවුන්ගේ නවතම Mid-range මාදිලියේ ජංගම දුරකතන දෙක වන A52 සහ A72 එලිදැක්වීමට කටයුතු කරයි

Samsung Galaxy A Series එක කියන්නේ Samsung සමාගමේ අතිශය ජනප්‍රිය වු Mid-Range Series එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්.

ඉතින් මේ වසරට අදාල නවතම Samsung Galaxy A Series Devices වෙන A52 හා A72 ඊයේ දිනයේදී Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Awesome Unpacked Event එකේ දි නිල වශයෙන් එළිදැක්වීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව Samsung සමාගම විසින් Galaxy A52 4G, A52 5G හා A72 4G විදිහට A Series එක සදහා නවතම Devices තුනක් නිකුත් කරන්න කටයුතු කරනු ලැබුවා.

අපි මුලින්ම බලමු 2021 වසර සදහා වෙන Galaxy A52 හා A72 Devices වල Common Feature ගැන;

Awesome Camera

Galaxy A52 හා A72 කියන Devices දෙක සදහාම ඔවුන් Rear Quad Camera Setup එකක් ලබා දි තිබෙනවා. මේ Quad Camera Setup එක 64MP High Resolution Primary Lens එකක් මගින් සමන්විත වෙනවා. ඒ වගේම මේ Camera Setup එකට ලබා දි තිබෙන Optical Image Stabilization Feature එක නිසා Sharp හා Steady Photo හා Video Capture කිරිමේ හැකියාව ලැබි තිබෙනවා. අදුරේදි වඩාත් හොද Photo එකක් Capture කිරිමට මේ සමග ඇති Night Mode එක අතිශය ප්‍රයෝජනවත් වෙනවා.

Awesome Display

මේ Devices දෙක සදහාම Samsung සමාගමේ Super AMOLED Display ලබා දි තිබෙන අතරම 90Hz Refresh Rate එකෙන් ද යුතු වෙනවා. මිට අමතරව A52 5G Device එක සදහා 120Hz Refresh Rate එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම මේ Devicesවල Display සදහා Eye Care Certificate එකත් ලැබි තිබෙනවා.

More Awesome Features

A52 හා A72 Devices දෙක සදහාම IP67 Water and Dust Resistance Protection එක ලබා දි ඇති අතර Samsung Knox Defense Grade Security System එක මගින් Device එකේ පවතින Personal Data සදහා Real Time Safeguard එකක් සපයනවා.

ඒ වගේම Stereo Speakers වගේම Two Day Battery Life එකකුත් මේ Devices සදහා ලබා දි තිබෙනවා. මේ Devices සියල්ලටම 1TB දක්වා වු External Memory Cards භාවිත කල හැකි වෙනවා. Samsung සමාගම විසින් වැඩි දුරටත් දක්වා තිබෙනනේ මේ Devices සදහා වසර 04ක් දක්වා වු Software Updates ලබා දිමට ඔවුන් සුදානමින් සිටින බවයි.

මේ අලුත් Samsung Galaxy A Series එක Awesome Violet, Awesome Blue, Awesome Black හා Awesome White කියන Colors Optionවලින් මිලදි ගන්න පුළුවන්. A52 4G Device එක €349ක මිලක සිටත්, A52 5G Device එක €429ක මිලක සිටත් A72 Device එක €449ක ආරම්භ මිලක සිටත් මිලදි ගන්න පුළුවන්.‌

A52 4G & 5G Specifications

A52 4G සහ 4G Devices දෙකම අගල් 6.5ක FHD+ Super AMOLED Infinity-O Display එකකින් සමන්විත වෙනවා. 4G Version එක සදහා 90Hz හා 5G Version එක සදහා 120Hz Display Refresh Rate එක ලබා දිමට මේ වසරේදි Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා. මේ Display එක සදහා SGS හා Eye Care Display low blue light certification ලැබි තිබෙනවා.

Qualcomm Snapdragon 720G Chipset එක මගින් 4G Version එක ද Qualcomm Snapdragon 750G Chipset එක මගින් 5G Version එක ද බලගැන්වෙනවා. 4G Version එක 4GB, 6GB, 8GB RAM සමග 128GB හෝ 256GB Internal Storage Optionsවලින් ද 5G Version එක 6GB, 8GB RAM සමග 128GB හෝ 128GB Internal Storage Optionsවලිනුත් මිලදි ගන්න පුළුවන්. ඒ වගේම Micro SD Card මගින් Internal Storage එක 1TB දක්වා වැඩි කර ගැනිමේ හැකියාවත් පවතිනවා.

64MP Main Lens එකක් සමග Quad Camera Setup එකක් මේ Devices සදහා ලබා දි තිබෙනවා. මේ 64MP Main Lens එක OIS Feature එක සමග ලබා දි ඇති අතර 12MP Ultrawide Lens එකක් හා 5MP බැගින් වු Macro Lens එකක් හා Depth Sensor එකක් ලබා දි තිබෙනවා. Selfie Camera Setup එක සදහා ලබා දි ඇත්තේ f/2.2 32MP Camera Lens එකකුයි.

මේ Camera Setup එක සදහා 4K Video Snap,  Scene Optimizer, Night mode, AR emoji and My Filters හා Fun mode (Snapchat partnership) ආදි Features රැසක් ලබා දි තිබෙනවා.

Android 11 සමග Samsung සමාගමේ අලුත්ම One UI Version එක වෙන One UI 3.1 මේ සමග ලබා දි තිබෙනවා. මෙහි Stereo Speakers Setup එකක්, Dolby Atmos Surround Sound, In Display fingerprint scanner, Face unlock, Samsung Knox security, SmartThings find හා IP67 Water & Dust resistance Features ලබා දි තිබෙනවා.

A52 4G
A52 5G

25W Fast Charging Support 4500mAh Battery එකක් ලබා දි ඇති අතර මෙය 4G හෝ 5G Versionවලින් Awesome White, Awesome Black, Awesome Violet හා Awesome Blue කියන Color Optionවලින් මිලදි ගන්න පුළුවන්.

Samsung Galaxy A72 Specifications

4G Version එකකින් පමණක් නිකුත් වුණ මේ Galaxy A72 Device එක අගල් 6.7ක Full-HD+ Super AMOLED Infinity O Design එකකින් සමන්විත වෙනවා. මේ Display එකේ Refresh Rate එක 90Hz වෙන අතරම 84.8 Screen-to-body Ratio එකකින් මේ Display එක සමන්විත වෙනවා. මේ Display එක සදහාත් SGS හා Eye Care Display low blue light certification ලැබි තිබෙනවා.

64MP Primary Lens එකකින් යුතු Quad Camera Setup එකක් මේ Device එක සදහා ලබා දි තිබෙනවා. මිට අමතරව 12MP ultra-wide lens එකක් 8MP telephoto lens එකක් හා 5MP macro Lens එකක් ලබා දි ඇති අතර මේ Optical Image Stabilization (OIS) Support Camera Setup එක 3x optical zoom දක්වා Support කරනවා. Selfie Camera Setup එක සදහා 32MP Lens එකක් ලබා දි තිබෙනවා.

මේ Camera Setup එක සදහා 4K Video Snap,  Scene Optimizer, Night mode, AR emoji and My Filters හා Fun mode(Snapchat partnership) ආදි Features රැසක් ලබා දි තිබෙනවා.

Qualcomm Snapdragon 720G Chipset එක මගින් බලගැන්වෙන මේ Device එක 8GB RAM එකකින් යුතුව 128GB හා 256GB Internal Storage Optionsවලින් මිලදි ගත හැකියි. ඒ වගේම Micro SD Card මගින් 1TB දක්වා Storage එක වැඩි කරගත හැකි වෙනවා. මේ Device එක සදහා Android 11 OS එක සමග Samsung සමාගමේ නවතම One UI Version එක වෙන One UI 3.1 ලබා දි තිබෙනවා.

25W Fast Charging Technology එක සහිත 5000mAh Battery එකක් ලබා දි තිබෙන අතර මෙය Stereo Speakers Setup, Dolby Atmos Surround Sound, In Display fingerprint scanner, Face unlock, Samsung Knox security, SmartThings find හා IP67 Water & Dust resistance Features ආදි Features රැසකින් සමන්විත වෙනවා.

මේ Device එකත් Awesome Violet, Awesome Blue, Awesome Black හා Awesome White කියන Colorsවලින් මිලදි ගැනිමේ හැකියාව පවතිනවා.

Source : Samsung