Loading...
Samsung One UI 3.0 (Android 11): ලැබෙන devices, විශේෂාංග සහ release date

Samsung ඔවුන්ගේ android skin එක වන One UI වල අලුත්ම සංස්කරණය, එහෙමත් නැත්නම් Android 11 මත පදනම් වුණ One UI 3.0 හි Public Beta එක දැන් release කරලා තියෙනවා.

තවම මේක install කරන්න පුළුවන් වෙන්නේ නම් කොරියාවේ සහ USA වල තියෙන Galaxy S20 series එකේ devices වලට විතරයි.

One UI 3.0 නව විශේෂාංග

Beta version එකක් නිසා දැනට තියෙන features වලට වඩා තවත් features ඉදිරියේදී එකතු වෙන බව ඔබ දන්නවා නේ. කොහොම වුණත් මෙහි මුලික පෙනුම නම් One UI 2.5 වලට ගොඩක් සමානයි. මේ ඊට එකතු වූ අලුත් විශේෂාංග කීපයක්.  

Home Screen

• App icon එක touch and hold කිරීමෙන් එයට අයත් widgets, home screen එකට add කරන්න හැකියාව දැන් තියෙනවා.

• 3rd party launchers වල සැහෙන කලක සිට තිබුණු home screen එක මත double tap කිරීමෙන් screen එක off කිරීමේ පහසුකමත් දැන් One UI 3.0 වල තියෙනවා.

Lock screen

• දැනට තියෙන Dynamic Lock Screen වලට තවත් category රැසක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම වරකට category එකකට වඩා තොරගන්නත් පුළුවන්.

• Lock screen widgets වල පෙනුමත් අලුත් කර තිබෙනවා.

Quick panel

• Android 11 වල මුලික වෙනස්කමක් වන Media Controls දැන් quick settings වලම කොටසක් වෙලා තියෙන අතරම Samsung එයට තවත් වෙනම section එකක් වෙන් කොට තිබෙනවා. Bluetooth speakers/devices රැසක් එක වර control කිරීමේ හැකියාව දැන් තිබෙනවා.

• ඒ වගේම messaging notifications වලටත් මෙහි වෙනම කොටසක් ලැබී තියෙනවා, apps රැසක chats පහසුවෙන් එක තැනකදී බලා ගැනීමට.

Contacts & Phone

• Contacts රැසක් එකවර delete කිරීමේ පහසුකම සපයා තිබෙනවා. Search පහසුකමද අලුත් කර තිබෙනවා.

Phone/Call background

• Call Screen එක ඔබට අවශ්‍ය ආකාරයට images/videos එක කර වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.

Messages

• Messages සඳහාද දැන් Recycle Bin පහසුකම එක කර තිබෙනවා.

Digital wellbeing

• Phone usage report එකට 'trends' පහසුකම ඇතුලත් කර තිබෙනවා. දැන් ඔබට කලින් සති සමඟ මේ සතියේ reports සසඳා බලන්න පුළුවන්.

• Screen Time සඳහා lock screen widget එකක් ද එකතු කර තිබෙනවා.

• Drive කරන විට phone එක භාවිතා කළ කාලයත් report වලට දැන් එකතු වෙනවා.

• Personal සහ Work modes සඳහාද වෙනම profiles දෙකක් එක කර තිබෙනවා.

Camera

• Auto-Focus සහ Auto-Exposure වැඩි දියුණු කර තිබෙනවා.

• Night Mode හිදී zoom කිරීමේදී වැඩි stabilization මට්ටමක් දැන් ලබා දෙනවා.

Photo Editor

• Edit කරන ලද පින්තුර නැවත කලින් තත්වයටම ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා.

Volume Slider

• Samsung Sound Assistant app එක මගින් දැනටමත් ලබාදී තිබෙන සිරස් volume sliders දැන් OS එකේම කොටසක් කර තිබෙනවා.

Bixby Routines

• OS එක විසින් සාදන ලද routines group කර, ඔබටම routines සාදා ගැනීම දැන් පහසු කර තිබෙනවා.

• Routine එක අවසන් වූ විට, reverse වුණ settings දැකගනිමටද පුළුවන්.

• අලුත් conditions හා actions කිහිපයක් ද එකතු වී තිබෙනවා (යම් අංකයකින් call එකක් එන විට, Bluetooth/Wi-Fi disconnect වූ විට ආදී ලෙස).

• Routine එකක් සඳහා icon එකක් set කර එය lock screen එකටද add කිරීමේ හැකියාව තිබෙනවා.

Always On Display

• AOD widgets ද අලුත් කර තිබෙනවා.

Accessibility

• Accessibility settings මෙනුව දැන් පහසුවෙන් setup කරගන්න වගේම ඔබේ භාවිතය අනුව recommended accessibility features ඉදිරිපත් කරන්නත් One UI එකට පුළුවන්.

• ඒ වගේම Calendar, Samsung Keyboard, Samsung Internet, Samsung Dex වැනි apps සඳහාද නව විශේෂාංග රැසක් එකතු කර තිබෙනවා. ඒවා බොහොමයක් පෙර ඒවාගේම වැඩි දියුණු කිරීම්.

One UI 3.0 Animations

One UI 3.0 ලැබෙන Samsung Devices

දැනට Samsung විසින් official list එකක් නම් ඉදිරිපත් කර නෑ. ඒත් කලින් releases එක්ක බලන විට පසුගිය අවුරුදු 2 ඇතුලත release වූ models වලට One UI 3.0 stable update එක ලැබෙන්න ඕනේ.

ඒ විදිහට බැලුවොත් මේ devices list එකට stable update එක ලැබෙන්න පුළුවන්.

Samsung Galaxy S/Note series:

  • Galaxy Note 20
  • Galaxy Note 20 Ultra 5G
  • Galaxy Z Fold 2
  • Galaxy Flip 5G
  • Galaxy Tab S7
  • Galaxy Tab S7+
  • Galaxy S20
  • Galaxy S20 5G
  • Galaxy S20+
  • Galaxy S20+ 5G
  • Galaxy S20 Ultra
  • Galaxy S20 Ultra 5G
  • Galaxy Z Flip
  • Galaxy Fold
  • Galaxy Fold 5G
  • Galaxy Note 10+
  • Galaxy Note 10+ 5G
  • Galaxy Note 10
  • Galaxy Note 10 5G
  • Galaxy S10e
  • Galaxy S10+
  • Galaxy S10
  • Galaxy S10 5G
  • Galaxy Note 10 Lite
  • Galaxy S10 Lite

Samsung Galaxy A series:

  • Galaxy A51
  • Galaxy A51 5G
  • Galaxy A71
  • Galaxy A71 5G
  • Galaxy A50
  • Galaxy A50s
  • Galaxy A70
  • Galaxy A70s
  • Galaxy A60
  • Galaxy A80
  • Galaxy A8s
  • Galaxy A90 5G
  • Galaxy A01
  • Galaxy A10
  • Galaxy A10e
  • Galaxy A10s
  • Galaxy A11
  • Galaxy A20
  • Galaxy A20e
  • Galaxy A20s
  • Galaxy A21
  • Galaxy A21s
  • Galaxy A30
  • Galaxy A30s
  • Galaxy A31
  • Galaxy A40
  • Galaxy A41

Samsung Galaxy M series:

  • Galaxy M51
  • Galaxy M40
  • Galaxy M31s
  • Galaxy M31
  • Galaxy M30s
  • Galaxy M21
  • Galaxy M11
  • Galaxy M01
  • Galaxy M01s

ඒ වගේම ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත Galaxy F series එකටත් මේ update එක pre-installed ව එන බව හිතන්න පුළුවන්.

Release Date

තවමත් පළවෙනි Beta එකේ තිබෙන නිසා දැන්මම නිශ්චිත දිනයක් Samsung විසින් ප්‍රකාශ කොට නෑ. නමුත් මේ වසර ඉවර වෙන්න කලින් නම් අනිවාර්යයෙන් flagship models වලට release වෙයි.

මේ ගැන Samsung Official statement එකක් නිකුත් කළ වහාම අප ඔබට දැනුම් දෙනවා. එතෙක් Android වැඩකාරයෝ social media වල follow කරන්න, අපේ newsletter එකට subscribe කරන්න.

Sources: AndroidCentral, XDA-Developers