Loading...
Galaxy F නමින් නව දුරකථන පෙලක් නිකුත් කිරීමට Samsung සමාගම සැරසේ

Next Level Camera Performance එකක් සහිත Camera Setup එකක් සදහා මුල්තැන ලබා දෙන නව Budget Smartphone Series එකක් හදුන්වා දිමට මේ දිනවල Samsung ආයතනය කටයුතු කරමින් සිටින බවට මේ වන විට තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා. ඉට අනුව මේ අලුත් Series එක Galaxy F-Series එක විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම Samsung ආයතනය විසින් මේ වන විට මේ F Series එක ඉදිරියේදි එළිදැක්වීමට නියමිත බවත් තහවුරු කරල තියෙනවා.

Samsung ආයතනයේ ඉන්දියානු නිල Twitter ගිණුම මගින් මේ පිළිබඳව නිවේදනය කරල තියෙනවා. ඔවුන් මේ Tweet එකේ "The new #GalaxyF will definitely leave a mark on you. Stay tuned to go #FullOn" ලෙස සදහන් කර තිබෙනවා.

ඒ කියන්නේ ඉදිරියේදි අපිට අනිවාර්යයෙන්ම මේ F Series එක බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම F Series එක යටතේ Release වෙන්න ඉඩකඩ ඇති Smartphone එක Galaxy F41 කියල මේ වන විට තියෙන Rumorsවලට අනුව කියන්න පුළුවන්. F41 Device එකේ Code Name එක SM-F415F ලෙස සදහන් වෙන අතරම මේ Device එකේ Specifications ගැන Leaker කෙනෙක් වෙන Ishan Agarwal විසින් ඔහුගේ Twitter ගිණුමේ දක්වලා තියෙනවා.

Galaxy F41 - Rumored Specs & Features

‌‌මේ F41 Device එක Water-drop Notch එකක් සහිත Full-HD+ (2340 × 1080) AMOLED Screen එකකින් යුතු වෙනවා. ඒ වගේම Exynos 9611 Chipset එක මගින් බලගැන්වෙන අතර 6GB RAM එකක් සහිතව නිෂ්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Camera Setup එක ගැන කියනව නම් Triple Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Primary Camera lens එක 64MP වන අතරම මේත් සමග Ultra Wide lens එකකුත් Depth හෝ Macro lens එකක් අඩංගු වෙන බවට දක්වලා තියෙනවා.

ඒ වගේම USB Type-C port එකක්, 3.5mm Headphone jack එකකින් හා Dedicated microSD card slot එකකින් සමන්විත වෙනවා. මේ Device එකේ Colors විදිහට Blue, Black හා Green දක්වලා තියෙනවා.

F41 Smartphone එකේ මිල ලෙස දැක්වෙන්නේ ඉන්දිය රැපියල් 20000කට ආසන්න මිලකුයි. ඉදිරියේදි අපිට මේ F-Series එකේ Device ගැන පැහැදිලි විස්තරයක් වගේම F41 Smartphone එකේ Lunch Date එකත් දැන ගන්න පුළුවන් වේවි.

Sources : Beebom, WhatMobile