Loading...
Samsung සමාගම විසින් 100% bezel less තිරයකින් සහ sliding cameras වලින් යුතු ජංගම දුරකතනයක් සඳහා patent බලපත්‍ර ලබා ගනී

Samsung සමාගම විසින් ඔවුන්ගේ Foldable Smartphone Series එක සදහා ඔවුන්ගේ Display Technology එක මැනවින් භාවිත කරනු ලැබුවා. මේ වන විට ඔවුන් Blade Bezel නම් Display Technology එකක් පිළිබඳවත් කටයුතු කරමින් සිටිනව බවට අපි තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ වගේම Samsung සමාගම විසින් ලබාගත් නවතම Patent බලපත්‍රයට අනුව ඔවුන් All-display Smartphone එකක් නිපදවිම පිළිබඳව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වෙනවා.

මේ නව Patent බලපත්‍රයට අනුව 100%ම Display එක සහිත Device එකක් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ Patent බලපත්‍රයේ දැක්වෙන Device එකේ කිසිදු Port එකක් හෝ Physical Button එකක් දැක ගැනිමට හැකියාවක් නැ. ඒ වගේම Device එක On/Off කිරිමට මෙහි Screen එකේ පවතින Piezoelectric sensor එක යොද ගන්නා බව Patent බලපත්‍රය අනුව පැහැදිලි වෙනවා.

Display, Transparent Housing designs‌‌මේ Patent බලපත්‍රයෙන් දැකවෙන Device එකේ අපිට Curved Display එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මෙහි Rear Panel එකේ Display එක Flat වෙනවා. Sidesවලදි අපිට Semi Rounded Display එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ Display එක වටා පවතින Housing එකේ ඉදිරිපස හා පසුපස Transparent ලෙස නිමවා තිබෙනවා. මෙය Transparent “Acrylic Material”වලින් නිමවා ඇති බව කියන්න පුළුවන්.

මේ Device එකේ Camera Setup එක Sliding Camera Setup එකකින් සමන්විත වෙනවා. මේ Device එක කොටස් දෙකකින් යුතු වෙන අතර එහි ඉදරිපස කොටසේ Camera Setup එක යුතු වෙනවා. ඒ වගේම මේ Device එකේ දි Rear Camera එක හා Selfie Camera එක විදිහට භාවිත වෙන්නේ එකම Cameraවයි. මිට අමතරව අපිට මේ Device එකේ In-display Fingerprint Sensor, In-display speaker හා In-display Sensors මේ Device එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම eSIM හා Wireless Charging Feature බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ සියලු තොරතුරු Patent බලපත්‍ර ඇසුරෙන් නිකුත් වි තිබුණ ඒවා වන අතර ඉදිරියේදි මේ Device එක පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීමට අපට හැකිවනු ඇති.  

Sources : LetsGoDigital, Gizmochina