Loading...
Samsung සමාගම විසින් 20000mAh Battery එකක් හඳුන්වා දීමට සුදානම් වේ

අප දන්නා බොහෝ ප්‍රසිද්ධ තරගයක් තමයි Smartphones අතර පවතින තරගය. දවසෙන් දවස අනෙක් තරගකරුවන්ට වඩා පියවරක් හෝ ඉදිරියට එන්න බොහෝ Smartphone Brands උත්සහ කරද්දි Samsung සමාගමද ඉතා විශාල පියවරක් ඉදිරියට තැබීමට උත්සහ කරන බවට මේ වන විට සුදානම් බවට වාර්තා වෙනවා.

එම තොරතුරුවලට අනුව Samsung සමාගමේ බැටරි නිෂ්පාදන ඒකකය වන Samsung SDI මේ වන විට 20 000mAh ධාරිතාවයකින් යුත් dual cell silicon carbon battery එකක් පරීක්ෂා කරමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ. එය Samsung සමාගමේ නවතම දුරකථනයවන Galaxy s25 Ultra වල ඇති 5000mAh බැටරි ධාරිතාවට වඩා හතර ගුණයක බැටරි ධාරිතාවක් වන අතර මෙය stacked දෙකකින් සාදා ඇති බව පැවසෙනවා.

චීන මාදිලියේ Smart Phones වල ඇති 8000 - 10 000mAh ධාරිතාවය අභියෝග කිරීමක් ලෙස Samsung සමාගම මෙසේ තීරණයක් ගෙන ඇති බව අපට සිතන්නට පුලුවන්. කෙසේ නමුත් පැවසෙන ආකාරයට මෙහි Screen On Time (SoT) පැය 27 ලැබී ඇති බවයි දැක්වෙනවා. එමෙන්ම Annual charge cycle එක 960 පමණවන බවත් නවතම තොරතුරුවල වාර්තා වෙනවා.

එය එසේ සිදු වුවහොත් බොහෝ දෙනෙක්ගේ සිත් තැවුල් වූ බැටරි ගැටලුවට විසදුමක් ලැබෙනවා සේම Samsung හි ප්‍රධානතම තරගකරුවාට ද හොද තරගයක් ලබා දීමට එම සමාගමට හැකිවෙනු ඇති.

නමුත් මෙම තොරතුරු සියල්ල rumors වන නිසා Samsung සමාගම මගින් එය නිල වශයෙන් ප්‍රකාශ කරන තුරු අපට උද්යෝගය පාලනය කරගෙන සිටීමට සිදු වේවි. එසේම මෙම testing සිදු වන්නේ Smart Phones සදහාද එසේත් නැතිනම් electric vehicle සදහා කියාද ගැටලුවල් පවතී. Samsung SDI දැනට EV batteries සඳහා silicon-carbon tech භාවිතා කරන නිසා මෙයද ඒ සදහා කරන දෙයක්ද යන්න සිතීමට ද අපට ඉඩක් ඇත.

කෙසේ වෙතත් මෙය Smart Phones සදහා පැමිණිය හොත් එය Samsung සමාගම ගන්නා විශාල පිම්මක් වනවා නොඅනුමානයි.

Source: www.sammyfans.com www.gsmarena.com