Loading...
ගුවන් යානයක් තුලදී Samsung Galaxy A21 මාදිලියේ ජංගම දුරකතනයක බැටරිය ගිනි ගනී

අද වන විට විවිධ වර්ගයේ ජංගම දුරකථන පුපුරා යෑම් වාර්තා වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. කෙසේ වෙතත් නැවතත් අපට Samsung Galaxy Note 7 සිහිගන්වමින් මෙවර පුපුරා ගොස් තිබෙන්නේ Samsung Entry Level ජංගම දුරකථනයක් වෙනවා.

පසුගිය සඳුදා දින Alaska ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් (Flight 751) හදිසියේම එක්සත් ජනපදයේ සියැටල්හි Tacoma ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමෙන් පසු එහි මගීන් සියළු දෙනාම ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එයට හේතුව වූයේ එම ගුවන් යානයේ සිටි මගියෙකු සතුව තිබූ Samsung Galaxy A21 වර්ගයේ ජංගම දුරකථනයක් හදිස්සියේම ගිනි ගැනීමට ලක්වීම නිසයි. වාර්තාවන පරිදි මේ ගිනි ගැනිමත් සමග ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලය හදිසි ගොඩබෑමක් සූදානම් කර තිබෙනවා.

වාර්තා වන පරිදි ජංගම දුරකථනයේ ගිනි ගැනිම දුටු ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දුරකථනයෙන් දුම් පිටවීම නැවැත්වීමට Battery බහාලුම් බෑග් සහ ගිනි නිවන උපකරණ භාවිතා කිරීමට සිදුව තිබෙනවා. ගුවන් යානය ගොඩ බැස්සවීමත් සමඟම ගුවන් යානයේ සිටි සියළුම මගීන් ගුවන් යානයෙන් ඉවත් කර බස් රථයකින් ගුවන් තොටුපල වෙත ප්‍රවාහනය කර ඇත. වාසනාවකට මෙන් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමෙන් පසු මෙම සිද්ධිය සාර්ථකව පාලනය කිරීමට ගුවන් යානයේ සහ ගුවන් තොටුපලේ කාර්‍ය මණ්ඩලය සමත් වී තිබෙනවා.

සමස්තයක් වශයෙන් ගත් කල ගුවන් යානයේ සිටි මගීන් 129 දෙනාගෙන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනාගෙන් සැලකිය යුතු හානි කිසිවක් වාර්තා වී නොමැති අතර මගින් දෙදෙනෙකු සදහා සුළු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. Alaska ගුවන් සේවය සහ එහි ප්‍රාදේශීය ගුවන් සමාගම වන Horizon Air කාර්ය මණ්ඩලය සඳහා විශේෂ Battery මුද්‍රා තැබීමේ බෑග් වර්ගයක් හඳුන්වා දී තිබූ බවත් ⁣මේ විශේෂිත බැගය ඕනෑම Lithium Battery එකක තාපය අව⁣ශෝෂණ (Thermal Runaway) ක්‍රියාවලියට දායක වෙනවා.

මෙම බෑග් වර්ගය සම්පුර්ණයෙන්ම ගිනි අනතුරු වලින් ආරක්‍ෂිත වන අතර සෙල්සියස් අංශක 1760  දක්වා උෂ්ණත්වයක් දරා ගත හැකි බවත් ඔවුන් වාර්තා කර තිබෙනවා. ඇති වූ තත්ත්වය මත මෙම බෑගය ඉතා ප්‍රයෝජනවත් වු බවත් සමාගම විසින් දක්වා තිබෙනවා. ඒ වගේම Samsung සමාගමත් මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Samsung Galaxy A21 යනු 2020 වසරේ එළිදක්වන ලද Entry-Level Smart ජංගම දුරකථනයක් වන අතර එය 4000 mAh Battery එකකින් සමන්විත වෙනවා. කෙසේ වෙතත් Lithium-ion Battery එකක් සහිත ඕනෑම උපාංගයක් පුපුරා යාමේ අවදානමක් ඇති බව ඔබ මතක තබා ගත යුතුයි. සිදුවිම මගින් Samsung Galaxy A21 Smart Phone එකේ දෝෂයක් ඇති බව අදහස් නොකරන අතර මේ ආකාරයෙන්ම තවත් විවිධ ජංගම දුරකථන පුපුරා ගොස් තිබෙනවා.

Source: GizChina