Loading...
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්තා වලින් පසු බැස ඇති බව නවතම IDC වාර්තා හරහා දැක්වෙනවා. ඒ අනුව ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේ​දී මිලියන 50.1ක දුරකතන ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වී ඇති අතර පසුගිය වර්ෂයේ පළමු කාර්තුවේදී ඇපල් සමාගම විසින් දුරකතන මිලියන 55.4ක් අලෙවියක් සිදු කර ඇත.

2024 පළමු කාර්තුවේදී 20.8%ක වෙළඳපල කොටසක් සතු කරගනිමින් ප්‍රථමස්ථානයට Samsung සමාගම පත්වන විට, Apple සමාගමට හිමි වී ඇත්තේ 17.3%ක වෙළඳපල කොටසක් පමණයි. Xiaomi සමාගම තෙවන ස්ථානයට පත්ව ඇත්තේ 14.1%ක වෙළඳපල කොටසක් හිමිකරගනිමිනි. මේ අතරේදී Transsion, එනම් TECNO, itel සහ Infinix එකතුව හතරවන ස්ථානයට පත්ව ඇත. පසුගිය කාලයේ පැවති වසංගත තත්වයට පසුව ගෝලීයේ ජංගම දුරකතන වෙළඳපලේ ධනාත්මක වර්ධනයක් ලෙස මෙම වාර්තාවෙන් දක්වා සිටින අතර පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වර්ෂයේ පළමු කාර්තුවේ දුරකතන අලෙවිය 7.8%කින් වර්ධනය වී ඇත.

Source: www.idc.com www.androidauthority.com www.cnet.com