Loading...
Samsung සමාගම විසින් Galaxy Book නමින් laptops 4ක් එලිදැක්වීමට කටයුතු කරයි

Samsung සමාගම විසින් පසුගිය දිනක Windows 10 සහිත Laptops හතරක් එළිදැක්වීම සිදු කරනු ලැබුවා. එමෙන්ම මින් Laptops දෙකක් AMOLED Display එකක් සහිත වෙන අතර තව එකක් TRX 3050Ti Graphics මගින් සමන්විත වෙනවා.

Samsung සමාගම විසින් මෙලෙස හදුන්වා දුන් Galaxy Book Pro, Galaxy Book Pro 360, Galaxy Book Odyssey හා Galaxy Book කියන Laptops හතරේ Specs පිළිබඳව අපි දැන් බලමු.

Samsung Galaxy Book Pro

ඉතා සිහින් Laptop එකක් වෙන Galaxy Book Pro එක අගල් 13.3 හා අගල් 15.6 කියන Display Size දෙකෙන් ලබා දි ඇති අතැ මේ Model දෙක සදහාම AMOLED Display ලබා දි තිබෙනවා. 1920 × 1080 Display Resolution එකෙන් සමන්විත වෙන මේ Galaxy Book Pro සදහා Display HDR 500 Certification එකත් ලැබි තිබෙනවා.

මේ Galaxy Book Pro Model එක Intel 11th Gen Core Processor මගින් බලගැන්වෙන අතර ඔබට i3, i5 හා i7 CPU සමග මෙන්ම LPPDR4X 8/16/32GB RAM Version මගින් ලබා ගත හැකියි. මෙහි Storage එක NVMe SSD එකක් වෙන අතර 1TB දක්වා Storage එක ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මෙහි No Fan Version එකකුත් මිලදි ගන්න පුලුවන්.

මෙහි අගල් 15.6 Model එක සදහා Thunderbolt 4 Port එකක්, 3.2 USB-A Port එකක්, HDMI Port එකක්, 3.5mm Headphone/ Microphone Combo Port එකක් හා MicroSD Slot එකක් ලබා දි තිබෙනවා. අගල් 13.3 Model එකේදි HDMI Port එක ඉවත් කර ඇති අතර ඒ සදහා Nano SIM Slot එකක් ලබා දි තිබෙනවා.

මේ Nano SIM Port එක නිසා අගල් 13.3 Model එක සදහා 4G LTE Connectivity එක ලැබෙන අතර අගල් 15.6 Model එක සදහා Wi-Fi 6E ලබා දි තිබෙනවා. මීට අමතරව AKG Tuned Dolby Atmos Support එක සහිත Audio System එකක්, 720p Web Camera එකක් හා Fingerprints Reader එකක් ලබා දි තිබෙනවා.

අගල් 13.3 Model එක සදහා 63 Wh Battery එකකුත් අගල් 15.6 Model එක සදහා 68 Wh Battery එකකුත් ලබා දි ඇති අතර මේවා ආරෝපණය කිරිම සදහා 65W USB C Power Adapter එකක් ලබා දි තිබෙනවා. අගල් 13.3 Model එක ඩොලර් 1000 සිට ඉහලට මිලදි ගත හැකි අතර අගල් 15.6 Model එක ඩොලර් 1100 සිට ඉහලට මිලදි ගන්න පුලුවන් .

Samsung Galaxy Book Pro 360

අගල් 13.3 හා 15.6 Display Sizeවලින් ලබා ගත හැකි මෙය සදහා Touch Sensitive එක මෙන්ම Stylus Support එකත් ලබා දි තිබෙනවා. AMOLED Displayවලින් සමන්විත වෙන මෙහි 1080p Display Resolution එකෙන් යුතු වෙන අතරම මේ සදහාත් Display HDR 500 Certification එක ලැබි තිබෙනවා. ඒ වගේම මේ සමග S Pen එකකුත් ලබා දිමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

මේ Galaxy Book Pro Model එක i3, i5 හා i7 කියන Intel 11th Gen Core Processor මගින් බලගැන්වෙන අතර  8/16/32GB RAM Version මගින් ලබා ගත හැකියි. මෙහි Storage එක NVMe SSD එකක් වෙන අතර 1TB දක්වා Storage එක ලබා ගත හැකි වෙනවා. අගල් 13.3 Model එක සදහා 63 Wh Battery එකකුත් අගල් 15.6 Model එක සදහා 68 Wh Battery එකකුත් ලබා දි ඇති අතර මේවා ආරෝපණය කිරිම සදහා 65W USB C Power Adapter එකක් ලබා දි තිබෙනවා.

එමෙන්ම Thunderbolt 4 Port එකක්, USB C Port දෙකක්, 3.5mm Headphone/ Microphone Combo Port එකක් හා MicroSD Slot එකක් ලබා දි තිබෙනවා. අගල් 13.3 Model එක සදහා Nano SIM Slot එකක් ලබා දි තිබෙනවා.

මේ Nano SIM Port එක නිසා අගල් 13.3 Model එක සදහා 5G LTE Connectivity එක ලැබෙන අතර අගල් 15.6 Model එක සදහා Wi-Fi 6E ලබා දි තිබෙනවා. මීට අමතරව AKG Tuned Dolby Atmos Support එක සහිත Audio System එකක්, 720p Web Camera එකක් හා Fingerprints Reader එකක් ලබා දි තිබෙනවා.

ඒ වගේම මේ Galaxy Book Pro 360 Model එක MIL-STD-810G Rate එක ලබා ගෙන ඇති අතර අගල් 13.3 Model එක ඩොලර් 1200 සිට ඉහලට මිලදි ගත හැකි අතර අගල් 15.6 Model එක ඩොලර් 1300 සිට ඉහලට මිලදි ගන්න පුලුවන්.

Samsung Galaxy Book Odyssey

අගල් 15.6ක TFT LCD Display එකකින් සමන්විත වෙන මෙය 1920 × 1080 Display Resolution එකෙන් සමන්විත වෙනවා.

මෙය i5 හා i7 Intel 11th Gen Core Processor මගින් බලගැන්වෙන අතර  8/16/32GB RAM Version මගින් ලබා ගත හැකියි. මෙහි Storage එක NVMe SSD එකක් වෙන අතර 1TB දක්වා Storage එක ලබා ගත හැකි වෙනවා. මේ සදහා 83 Wh Battery එකක් ලබා දි ඇති අතර ආරෝපණය කිරිම සදහා 153W USB C Power Adapter එකක් ලබා දි තිබෙනවා.

මේ සදහා 4G හෝ 5G Connectivity ලබා දි නොමැති අතර Wi-Fi 6 ලබා දි තිබෙනවා. එමෙන්ම USB C Port දෙකක්, USB A 3.2 Port තුනක්, HDMI Port එකක්, 3.5mm Headphone/ Microphone Combo Port එකක් හා RJ45 Port එකක් ලබා දි තිබෙනවා.

Samsung Galaxy Book

මේ Galaxy Book Series එකේ පවතින මිල අඩු Basic Model එක ලෙස මෙය දක්වන්න පුලුවන්.

අගල් 15.6ක TFT LCD 1080p Resolution එකෙන් සමන්විත වෙන අතර Intel 11th Gen Core i3, i5 හා i7 Processorවලින් බලගැන්වෙනවා. 4GB හා 8GB LPPDR4X RAM Versionවලින් මිලදි ගත හැකි අතර අවශ්‍ය නම් 16GB දක්වා RAM එක වැඩි කර ගත හැකි වෙනවා. මේ සමග NVMe SSD 512GB දක්වා Storage එකක් ලබා දි තිබෙනවා.

LTE මෙන්ම Wi-Fi 6 Connectivity එක ලබා දි ඇති අතර USB-C Port දෙකකුත්, USB-A 3.2 Port දෙකකුත්, HDMI Port එකකුත්, Combo Jack Port එකකුත් , Security slot,  microSD හා nano-SIM slots ද ලබා දි තිබෙනවා.

54Wh Battery එකකින් සමන්විත මෙය ආරෝපණය සදහා 65W USB C Charger එකක් ලබා දි තිබෙනවා. මෙය යුරෝ 680ක සිට ඉහලට මිලදි ගන්න පුලුවන්.

Source : GSMArena