Loading...
2020 දෙවන කාර්තුවේ විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා Samsung සමාගම බව Gartner වාර්තාකරයි

මීට මාසයකට කලින් Canalys research firmහි වාර්තාවකට අනුව Huawei සමාගම 2020 දෙවන කාර්තුවේ විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා (Shipments වලට අනුව) බවට පත් වූ බව ඔබට මතක ඇති. Canalysට වඩා ලොව පිලිගැනීමක් ඇති Market research firm එකක් වන Gartner විසින් නිකුත් කර ඇති ඔවුන්ගේ වාර්ථාවට අනුව 2020 වර්ෂයේ දෙවන කාර්තුවේ ලෝකයේම විකිණි ඇති ජංගම දුරකථන මිලියන 295න් මිලියන 54.75ක්ම විකුණා ඇත්තේ Samsung සමාගම වන අතර එම වාර්තාවේ සඳහන් වන ආකාරයට එම කාර්තුවේ ලොව වැඩියෙන්ම ජංගම දුරකථන විකුණා ඇත්තේ Samsung සමාගමයි.

Canalysහි වාර්ථාවට අනුව 2020 දෙවන කාර්තුවේ මුල් ස්ථානය ගත්තා යැයි සඳහන් වූ Huawei සමාගම දෙවන ස්ථානයට පත්ව ඇත. ඒ Gartnerහි වාර්ථාවට අනුව ජංගම දුරකථන මිලියන 54.12ක් අලෙවි කරමිනි. කෙසේ වුවත් 2019 වර්ෂයේ දෙවන කාර්තුවේ Samsung සමාගම විසින් ජංගම දුරකථන මිලියන 75.11ක් අලෙවි කර ඇති අතර මෙම වර්ෂයේදී එය මිලියන 20.36කින් පහත ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 27.1%කි.

Gartnerහි Senior research director ලෙස කටයුතු කරන Anush Gupta විසින් දෙවන ස්ථානයට පත් Huawei සමාගමේ චීනය තුල ජංගම දුරකථන වෙලඳපලෙන් 42.6%ක් අත්පත් කරගැනීම පිලිබඳ පහත පරිදි අදහස් දක්වා ඇත.

“Huawei extended its lead in China where it captured 42.6% of China’s smartphone market in the second quarter of 2020. Huawei put in place an aggressive product introduction and sales promotion in China in particular and benefited from the strong support of communications services providers for its 5G smartphones,”

2020 දෙවන කාර්තුවේදී 2019 දෙවන කාර්තුවට වඩා Samsung සමාගම විසින් 27.1කින්ද, Huawei සමාගම විසින් 6.8%කින්ද තම අලෙවි ආදායම අහිමි කරගනිද්දී ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇති Apple සමාගම තම විකුණුම් අහිමි කරගෙන ඇත්තේ 0.4%ක අගයකිනි. ලෝකයේම ආර්ථිකය කොරෝනා වසංගතය මඟින් යම් තාක් දුරකට පසුබෑමකට ලක්වෙද්දි Apple සමාගම අනෙක් සමාගම්වලට සාපේක්ෂව තම වෙළඳපල ස්ථාවරව තබා ගැනීමට සමත් වී ඇත. ඒ පිළිබඳව Gartnerහි Research VP ධුරය හොබවන Annette Zimmermann විසින් පහත ලෙස අදහස් දක්වා ඇත.

“Apple’s iPhone sales fared better in the quarter than most smartphone vendors in the market and also grew sales quarter-over-quarter. The improved business environment in China helped Apple achieve growth in the country. In addition, the introduction of the new iPhone SE encouraged users of older phones upgrade their smartphones,”

Source: Gartner