Loading...
Samsung සහ Apple අභිබවා යමින් Huawei ලොව ප්‍රථම වරට ගෝලීය smartphones වෙළඳපලේ මුල් තැනට

2020 අවුරුද්ද කියන්නේ Huawei ලට එච්චර හොඳ අවුරුද්දක් නෙමේ. දිගින් දිගටම ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වගේ රට වලින් දිගින් දිගටම ඔවුන්ගේ වැඩකටයුතු වලට බාධා එල්ල වුනා. ඒ විදිහට විවිධ බාධක බලපෑම් හමුවේ උවත් මේ ගෙවුන  කාර්තුව අවසන් වෙද්දී Canalys කියන research firm එකට අනුව, Huawei සමාගම අනෙක් සියලුම smartphone companies වලට වඩා devices ship කරන්නට සමත් වෙලා තියෙනවා.

මීට කලින් lead කරපු Samsung සමාගම මෙවර sales අතින් සීයට 30කින් smartphones මිලියන 53.7 කට drop වෙද්දී Huawei සමාගම ගියවරට වඩා සීයට 5 කින් drop වෙන්නේ smartphones මිලියන 55.8 ක් ship කරමින්.

ඉතින් මේ විදිහට Huawei සමාගම ලබාගත්ත සාර්ථකත්වයට ලොකුම් හේතුව උනේ චීනයයි. ඇමෙරිකාව වගේ රටවල කොරෝනා අර්බුධය නිසා smartphone sales පහල බහිද්දී චීනයට එම අර්බුධය බලපෑවේ සංසන්දනාත්මකව අඩුවෙන්. ඉතින් Huawei sales වලින් සීයට 70වකට ම හිමිකම් කියන්නේ චීනය. මේකට ඇමෙරිකාවේ තහනමත් එක හේතුවක් උනා. Samsung සමාගමේ Chinese market එක මේ වෙද්දී සැලකිය යුතු ප්රමාණයකින් අඩු වෙලා තියෙනවා.

“Amidst a period of unprecedented global economic slowdown and challenges, we’ve continued to grow and further our leadership position by providing innovative products and experience to consumers, Our business has demonstrated exceptional resilience in these difficult times.”
-Huawei

ඇමෙරිකානු තහනම හේතුවෙන් Huawei සමාගමට Google Play Store සේවාවන් සහිත අලුත් devices විකිණීමට හැකියාවක් නෑ. ඒ හේතුවෙන් අනිත් brands එක්ක ලොකු තරඟයක් විඳින්න ඔවුන්ට සිද්ද උනා. කෙසේ වෙතත් Qualcomm සමාගමත් එක්ක global patent license deal එකක් link කරගන්න ඔවුන් සමත් උනා.

කෙසේවෙතත් ඔවුන්ට මේ තැන රැකගන්න පුලුවන් ද් කියන එක නම් ප්‍රශ්නාර්ථයක් වෙනවා. මොකද Samsung සමාගම ඔවුන්ගේ earnings report එකේදී ප්‍රකාශ කලේ අගෝස්තු 5 වැනිදා අලුත් smartphones දෙකක් නිකුත් කරමින් ඔවුන්ගේ විකුණුම් ආදායම වැඩි කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

Source : Canalys