Loading...
Huawei P60 Pro දුරකතන මාදිලියේ specifications අන්තර්ජාලය හරහා වාර්තා වේ

අවසාන වතාවට නිකුත්වුන Huawei P සිරීස් එකට අදාල පෝන් වන්නෙ Huawei P50 P50 Proය මෙම ජංගම දුරකත​න දැන් වසරකට ආසන්නව පැරණිය. ​ඒ අනුව 2022ට අදාල Huawei P සිරීස් එකෙහි දුරකථනය ​මේ වසරෙහි නිකුත් විය යුතුය. අන්තර් ජාලය ඔස්සෙ ලැබෙන නවතම ලීක් වලට අනුව Huawei P60 සහ P60 Pro මෙම වසරේ මාර්තු මාසයේදී දියත් කෙරෙන අතර වැඩිදියුණු කළ කැමරා පද්දතිය, වඩා හොඳ Display එක සහ විශාල Battery එකක් ගෙන එනු ඇත.

Huawei P60 Pro හි Display size එක දැනට සඳහන් වන තොරතුරු වලට අනුව 6.6 inchesවෙ. තවද මෙය 120Hz (Refresh rate) එකක් ඇති OLED Display එකකින් සමන්විත වනු ඇතැයි කියනු අතර මෙය 2K Screen resolution සමන් විත වනු ඇත. තවද එහි Resolution අගය P50 Pro සමග පැමිණි 1,228 x 2,700px හා සසඳන විට 1,440 x 3,200px ලෙස වැඩි දියුනු වී ඇත. Display එක BOE වෙතින් ලබා ගන්නා ලෙස පැවසෙන අතර සුපුරුදි පරිදිම Under display fingerprint සමග පැමිනෙනු ඇතැ​යි අන්තර් ජාලය තුල සඳහන් වනවා.

හැමෝම දන්න කාරණාවක් තම​යි Huawei P සිරීස් එක මගින් ප්‍රධාන වශයෙන්ම Target කරන්නෙ කැමරාව කියලා. කැමරාව පැත්තෙන් දැනට පවතින ලීක්ස් වලට අනුව පහළ තිබෙන Specs බලාගන්​න හැකිවේවි යැ​යි අනුමාන කළ හැකිය.

Source: Huawei Central

Selfie camera එක 32 MP වලින්ද, main Back camera එක 50Mp වලිනුත් Sensor එක Sony IMX888+IMX789යෙන් සමන්විතවත්, Ultra wide 50MP Sensor එක IMX858 සමන්විත වනු ඇති බවත්. Telephoto camera එක සඳහා 64MP OmniVision OV64B යන Sensor එක පැමිනිය හැකි බවය් සඳහන් වන්නෙ. මීට අමතරව මෙ කැමරා වලට අදාල Sensor දෙකම 1/1.4 inch යන ප්‍රමානයෙන් සමන්විත වේ යැ​යි සඳහන් වනවා.

ඉහත කි කරුනු වලට අමතරව Huawei විසින්ම Develop කරන XIMAGE imaging system මත පදනම්වම මෙම පෝන් එකත් නිකුත් කරන බ​ව සඳහන් වනවා.ලීක් වලට අනුව Mate 50 Pro හි අප දුටු Variable aperture තාක්ෂණය P60Pro මාදිලියෙත් අපට බලාගැනීමට හැකි වනු ඇත.මෙහිදීත් Mate 50pro හි අපිට හමුවුනාවු f/1.4, f/1.6, f/1.8, f/2.0 , f/2.2, f/2.5, f/2.8, f/3.2, f/3.5, f/4 යන Aperture 10ම බලා ගැනිමට හැකිවනු ඇති බ​ව තමා ලීක් වලට අනුව අපට අනුමාන කිරීමට හැක්කෙ.

​ඒ අනුව කැමරාවල විස්තර පොදුවෙ ගත්තොත් (quad camera system 50 MP True-Chroma Camera (Color, f/1.8 aperture, OIS), 40 MP True-Chroma Camera (MONO, f/1.6 aperture), 13 MP Ultra-Wide Angle Camera (f/2.2 aperture) and a 64 MP Telephoto Camera (f/3.5 aperture, OIS), support AF. The front has a 13MP selfie camera.) යනුවෙන් තමා අපිට බලාගත හැකි වන්නෙ.

තව දුරටත් ​මේ තොරතුරු වලට අනුව පැවසෙන්නෙ P60 Pro දුරකථනය Snapdragon 8+ Gen 1 හෝ Snapdragon 8+ Gen 2 වලින් සමන්විත වන බව​යි (LPDDR5X RAM සහ UFS 4.0 memory). මීට අමතරව මෙය Snapdragon 8+ Gen 2 Chipset එකෙහි (4G) Version එකකින් සහ 100W Wired charging සහ 50W Wireless charging සහිතව 5,500mAh බැටරියකින් බලගන්වනු ඇති බවයි.

Huawei P60 series එක සඳහාද කලින් Mate 50 Series එකෙදි භාවිත කල Kunlun toughened glass ම යොදාගනු ඇති බව​යි පැවසෙන්නෙ. මීට අමතරව Mate 50Pro සමග පැමිනි තවත් විශේෂාංග කිහිපයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන බවටද වාර්ථා වනවා. විශේෂයෙන්​ම චීනයෙ BeiDou චන්ද්‍රිකා ජාලය යොදාගෙන Satellite communication පහසුකමද පැමිනෙනු ඇති බව​ට වාර්තාවනවා. හැබැයි මෙය චීනෙන් පිටත භාවිතා කිරිමේදි ගැටළු පැන නැගිය හැකි බව​යි වැඩි දුරටත් පැවසෙන්නෙ.

සුපුරුදු පරිදිම මෙම දුරකථනයත් IP68 Ratings එකක් සමග පැමිනෙනු ඇති බව​යි වාර්​තා වන්නෙ. Huawei විසින් තවමත් නිල වශයෙන් දිනයක් නියම කර නැතත් P60 Series එක මාර්තු මස පමන වන විට එලිදක්වනු ඇති බවය් පැවසෙන්නෙ.

Sources: www.gsmarena.com www.huaweicentral.com www.gizmochina.com