Loading...
Huawei NOVA 9 මාදිලියේ ජංගම දුරකතන සඳහා Kirin වෙනුවට Snapdragon 778G 4G chipset යොදාගනී

Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම Huawei Nova 9 Series එක නිකුත් කිරීමට සූදානම් අතර මේ Series එකට Phone models 2ක් ඇතුලත් වෙනවා. මේ යටතේ පැමිණෙන නවතම දුරකථන වන්නේ Huawei Nova 9 සහ Huawei Nova 9 Pro දුරකථනයි.

මෙම Smartphones දෙකටම Hyperboloid Punch-hole Screens ඇතුලත් වෙනවා. Standard Version එකේ දුරකථන සඳහා අඟල් 6.57ක Screen size එකක් ඇති අතර Pro Version එක සඳහා අඟල් 6.72ක Screen size එකක් ලබා දි තිබෙනවා.

මේවාට Dual punch-hole display ඇතුලත් වේ.

දුරකථන දෙකෙහිම Refresh Rate එක 120Hz දක්වා ඉහළය. දුරකථන දෙකෙහිම පසුපස ප්‍රධාන කැමරාව 50 MP වේ. කෙසේ වෙතත්, Smartphones දෙකේම බැටරියේ සහ ආරෝපණ ධාරිතා වල වෙනස්කම් ඇත. Standard Model එකට 66W Fast Charging සහය වන අතර 4300 mAh බැටරියක් භාවිතා කරයි. කෙසේ වෙතත්, Pro Model එකට 100W Fast Charge සඳහා සහාය වන අතර 4000 mAh බැටරියක් භාවිතා කරයි.

Huawei Nova 9 සහ Nova 9 Pro යන Smartphones 2කටම Snapdragon 778G 4G Chips භාවිතා කරන බවටද වාර්ථා වේ.  Huawei P50 Series එක සඳහාද භාවිතා කරන්නෙ 4G Processors වේ.

මීට අමතරව, Huawei Nova 9 Series එකට නව HarmonyOS 2.0 Operating System එකද ඇතුලත් වේ. තවද Huawei HarmonyOS 2 මඟින් නව Application service එකක්ද සපයයි. මෙම service එක තවදුරටත් එක උපාංගයකට පමණක් සීමා නොවන අතර උපාංග කිහිපයක් හරහා බාධාවකින් තොරව භාවිතා කල හැකිය.

Huawei Nova 9 Series එක සඳහා ඉහළ Refresh rate එකකින් යුත් OLED තිර භාවිතා කරන අතර Super-Fast Charge සඳහාද සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Camera Department එක මෙම Smartphones series එකේ ප්‍රධානතම Selling point එකක් වනු ඇත. ලැබී ඇති තොරතුරුවලට අනුව, Huawei Nova 9 series එක නිල වශයෙන් සැප්තැම්බර් 23 දා එළිදැක්වීමට නියමිතයි.

Source:- Gizchina