Loading...
ඇමරිකාවේ තහනමින් පසු අළුමතින් නැගිටි Huawei සමාගමේ කතා​ව

Huawei කියන නම ඇහුව ගමන් අපේ මතකයට එන්නේ කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව ජංගම දුරකතන වෙළඳපල හොලවාගෙන සිටි දැවැන්ත චීන සමාගමක් පිළිබඳවයි. ජංගම දුරකතනවලට පමණක් සීමා නොවූ මෙම සමාගම ඊට වඩා විශාල වෙළඳපල පරාසයක් පුරාවට තම අණසක පතුරවාගෙන සිටින්නේ අප නොසිතන භාණ්ඩ සහ සේවා රැසක් සපයමිනි. මේ අතර Laptop, Desktop, Monitors, Smart Home, CCTV, සහ Cloud services වැනි දේවල් ද ඇතුළත් වනවා.

Harmony OS, නව මෙහෙයුම් පද්ධතියක්

2019 පසුව Google සේවාවන් භාවිතා කිරීමට නොහැකි වූවත් Huawei සමාගමට කිසිදු බාධාවකින් තොරව Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව පැවතුණි. එයට හේතුව වූයේ Android යනු නිදහස් මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක්, නැති නම් open-source මෙහෙයුම් පද්ධතියක් වීමයි.

කෙසේ නමුත් Huawei සමාගම දෙවෙනි සැලසුමකට ලැහැස්ති වෙමින් තිබුනේ කලකට පෙර සිටම බව එවකට කවුරුත් දන්නා රහසකි. Linux මෙහෙයුම් පද්ධතිය භාවිත කරමින් Android මෙහෙයුම් පද්ධතියට බෙහෙවින්ම සමාන සහ Android apps ක්‍රියාකරන මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නේ ඒ දෙවෙන සැලැස්මට අනුවයි. මෙය මුලින්ම නිර්මාණය කරන ලද්දේ ඔවුන්ගේ IoT නිෂ්පාදන සඳහා භාවිතා කිරීමට වුවත් පසුව ඔවුන්ගේ සියළුම නිෂ්පාදන සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම ඔවුන් ආරම්භ කරන්නේ තව දුරටත් ඇමරිකානු තාක්ෂණය භාවිතාවෙන් නිර්මාණය කෙරු​නු පාදක කරගත් පද්ධතීන් මත ඔවුන්ට ක්‍රියාත්මක වීමට නොහැකි වීම නිසායි.

Huawei සමාගමට Android මෙහෙයුම් පද්ධතියට සහ iOS වෙත විශාල අභියෝගයක් කරමි​න් ඔවුන්ගේ HarmonyOS එක නිපදවීමට හැකියාව තිබුනත්, එය ඉක්මන් කර ගැනීමට අවශ්‍ය හෙයින් ඔවුන් Harmony OS, OpenHarmony නමින් open source ආකාරයට බෙදා හැරීමට කටයුතු කරන ලදී. එහි ප්‍රථිඵලයක් ලෙසින් HarmonyOS හි සංවර්ධක කටයුතු ඉක්මන් විය.

මුලින්ම එලිදැක්වූ HarmonyOS සංස්කරණය Android 10 සංස්කරණයට බෙහෙවින් සමාන වූ අතර Android 10 සහ HarmonyOS අතර පැවතු​නේ සුළු සුළු වෙනස්කම් කිහිපයකි. මේ වන විට HarmonyOS මත Android යෙදවුම් ධාවනට වීමට තිබූ හැකියාව මුළුමනින්ම ඉවත් කිරීමට සූදානම් වෙමින් සිටී.

Google නැතුව ඉදිරිය​ට

මේ සියළුම කෙනෙහිලිකම් මැද Huawei සමාගම ඔවුන්ගේ මීලඟ Flagship දුරකතනය එලිදැක්වීම සිදු කරන ලදී. ඒ Mate series එකේ නවතම ජංගම දුරකතනය ලෙසි Mate 30 මාදිලිය 2019 වර්ෂයේදී​ම එලිදක්වමිනි. ඒ වන විටත් ඔවුන් විසින් Huawei P මාදිලියේ flagship දුරකතනය 2019 මාර්තු මාසය වන විටත් එලිදැක්වීම සිදු කර තිබුනු අතර එය 2019 මැයි 15 පෙර එලිදැක්වූ නිසා Google සේවාව​න් සමඟින් පැමිණි අවසාන Huawei දුරකතනය ලෙසින් P30 මාදිලියේ දුරකතන කිහිපය පත්වුනි.

මූලිකවම චීනය සහ රටවල් කිහිපයකට පමණක් නිකුත් කෙරුනු Huawei Mate 30 දුරකතන මාදිලිය පසුව කෙමෙන් කෙමෙන් බටහිර රටවලද එලිදැක්වීමට Huawei සමාගම කටයුතු කරන ලදී. Google සහය නොමැති බැවින් මෙම මාදිලියට බලාපොරොත්තු වූ තරමේ අලෙවියක් නොමැතිවේ යැයි මත පල කෙරුනත්, ඒ සියළු මත පරදවමින් උණු කැවුම් මෙන් Mate 30 මාදිලිය සීග්‍රයෙන් අලෙවි වන්නට වූයේ සියල්ලන්ම මවිතයට පත් කරමිනි. මේ පිටුපස චීන ජාතියකන් මූලිකත්වය ගත්තේ, ඔවුන්ගේ රටේ සමාගමට සහය පල කිරීමිනි.

බාධක මැද්දේ 2020​ට

2020 වන විටදීවත් ඇමරිකානු රජය විසින් පැනවූ තහනම ඉවත් කර ගනී යැයි සිතුවත් ඒ ගැන කිසිදු සූදානම් ඇමරිකානු රජය වෙත නොවුනි. 2020 වර්ෂයේදී ලොව විශාලතම smartphone නිෂ්පාදකයා වීමේ පරමාර්ථය පසු බැස්සවීමට මෙය හේතුවක් විය.

Google සේවාවන් වෙත පැනවුනු තහනම් වෙළඳපල තුල ඔවුන්ගේ අලෙවි වාර්තා පසු බැස්සවීමට හේතු විය. මේ හේතුව නිසා විශාල යෙදවුම් ප්‍රමාණයක් Huawei දුරකතනයන් මත ක්‍රියාත්මක නොවීය. විශේෂයෙන්ම Google maps භාවිතා කරගනිමින් නිමැවුනු Uber, Uber Eats යෙදවුම් පවා මේ අතර විය. තෙවන පාර්ශවීය App store වලින් මෙම යෙදවම් ස්ථාපනය කිරීම සිදු කරගත්තද එය නිෂ්ඵල කාර්යයක් වූයේ Google සේවාවන් අහිමි වීමත් සමඟ Google Maps වෙත ඇති සියළුම ප්‍රවේශයන් අහිමි වීමත් සමඟිනි.

මෙයට විකල්පයක් ලෙසින් Huawei සමාගම විසින් App Gallery නමින් නව සේවාවක් හදුන්වාදීම සිදු කෙරුනි. මෙය Google Playstore වෙත සමාන වූ අතර Huawei සමාගම විසින් මේ සඳහා විශාල ආයෝජනයක් සිදු කරන ලදී. මෙහි ප්‍රථිපලයක් ලෙසින් App Gallery එලිදැක්වීමෙන් වසරක් ගත වත්ම ලොව තෙවැනියට විශාලතම Appstore එක ලෙසින් කිරුළු පැළදීමට Huawei App Gallery සමත් විය.

වසරක් ඇතුලත Huawei AppGallery සඳහා යොමු වෙන apps ප්‍රමාණය දෙගුණයක් වීමත් සමඟ එය ලොව තුන්වන App Store එක බවට පත්වේ
Huawei සමාගමට Google Platforms භාවිතා කිරිමට නොහැකි නිසා ඔවුන් ඔවුන්ගේ Smart Phone සදහා අවශ්‍ය Apps ලබා දිමට Huawei App Gallery පහසුකම හදුන්වා දෙනු ලැබුවා. පසුගිය මාස 12 තුලදි එහි APP සංඛ්‍යාව වැඩි විම ආසන්න වශයෙන් දෙගුණයක් පමණ වි තිබෙනවා. ඒ අනුව මෙය මේ වන විට ලොව තුන්වනුවට විශාල App Store එක බවට පත…

AppGallery සමඟින් Google Mobile Services (GMS) වලට විකල්පයක් ලෙසින් Huawei සමාගම විසින් Huawei Mobile Service (HMS Core) නමින් platform එකක් එලිදැක්වීම සිදු කෙරුණි.

Huawei සමාගම විසින් තම Huawei Developer Group - Sri Lanka නිල වශයෙන් පිහිටුවයි
Huawei සමාගම යනු ස්මාර්ට් ජංගම දුරකතන තුල ලොව ඉතාමත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් විශාල තාක්ෂණික පෙරලියන් රැසක් සිදු කරමින් ඉදිරියට පැමිණි සමාගමක් විදිහට සලකන්න පුළුවන්. නමුත් ඇමරිකාව සහ චීනය අතර වෙළඳාම සම්බන්ධයෙන් ඇති සීතල යුද්ධය හේතුවෙන් ඇමරිකාව විසින් Huawei සාමගමේ නිෂ්පාදන ඇමරිකාව තුල අලෙවි කිරීම තහ…

HONOR විකිණීමට...

Huawei සහ Honor යනු එකල එකට කියැවුනු නමකි. ඔබගේ මතකය හොඳ නම් Huawei Honor GR5 2017 නම් ලොව පුරා සීඝ්‍ර අලෙවියක් සහ වැඩි ප්‍රසිද්ධියක් ලබා ගත් දුරකතනය ඔබට මතක ඇති. Huawei සමාගමේ ම උප සමාගමක් සහ උප සන්නාමයක් ලෙසින් කටයුතු කල Honor සමාගමට​ද මෙම තහනම බලපාන ලකුණු පෙනෙන්නනට ගත් අතර ඒ හේතුවෙන් Huawei සමාගම Honor සමාගම මුලුමනින්ම විකුණා දමා එහි වෙළඳපල ආරක්ෂා කර දීමට කටයුතු කරන ලදී.

Huawei සමාගම තම Honor Smartphone සන්නාම නාමය Zhixin සමාගම වෙත අලෙවි කිරීමට කටයුතු කරයි
Huawei Consumer Business Group එක යටතේ පැවති Smartphone සන්නාමයක් වෙන Honor Brand එක මේ වන විට Zhixin New Information Technology Co. Ltd සමාගම වෙත විකුණා දමා තිබෙනවා. 2011 දි ආරම්භ කරන ලද මේ සමාගම Online-Only Brand එකක් වෙන අතර මේ මිලදි ගැනිමත් සමග Zhixin New Information Technology Co. Ltd ලෙස Renam…

ඒ අනුව මේ වන විට Huawei සහ Honor යනු මුලුමනින්ම එකිනෙකට වෙනස් සමාගම් දෙකක් වන අතර Honor සමාගම මේ වන විට ස්වාධීනව තම නිෂ්පාදන සහ අලෙවියන් සිදුකරමින් බටහිර වෙළඳපල ආක්‍රමණය කරමින් සිටී. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ Honor සමාගමට Huawei සමාගම සමඟ තිබුණු සබඳතාවයයි. එය නොවන්නට සහ ඒ සමඟ ඇති වූ කීර්ති නාමය නොවන්නට Honor සමාගමට මෙතරම් දුරක් ඒමට නොහැකි වනු ඇත.

තහනමින් පසු නොනැවතී...

ඇමරිකානු තහනමින් පසුව මුළු ලෝකයම Huawei සමාගම වෙත නෙත් යොමාගෙන බලා සිටියේ Huawei සමාගමට ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න වගයි. සෑම බාධකයක්ම ඉදිරියේදී නොසැලී ඉදිරියටම යාමට Huawei සමාගම හැකි තරම් ඉක්මනින් ක්‍රියාමාර්ග ගනිමින් විකල්ප වෙත යොමු වන්නට විය.

01. නව මෘදුකාංග සහය

පෙරදී සඳහන් කල ආකාරයට Huawei සමාගමට Google සමාගමේ සේවාවන් භාවිතා කිරීමට අවහිරතා පැන නැගි විට ඔවුන් ඒ වෙනුවට ඔවුන්ගේම platform එකක් නිර්මාණය කිරීම අරම්භ කරන ලදී. මේ platform එක මෘදුකාංග සංවර්ධකයන් අතර ප්‍රචලිත කිරීමට Huawei සමාගම හැකි සෑම පියවරක්ම ගත් අතර එය Android වෙත Google සේවාවන් integrate කරන ආකාරයට බෙහෙවින්ම සමාන වූ අතර Google Mobile Serviceහිදී ලබා දුන් සියළුම සේවාවන්, පහසුකම් සහ විශේෂාංග සියලම පාහේ ලබා දීමට කටයුතු කරන ලදී.

මේ පිළිබඳව වැඩි දුර විස්තර අප විසින් පිලියෙල කල Huawei Mobile service සහ HMS Core පිළිබඳ ලිපියෙන් කියවිය හැකියි.

Huawei සමාගම විසින් තම Huawei Developer Group - Sri Lanka නිල වශයෙන් පිහිටුවයි
Huawei සමාගම යනු ස්මාර්ට් ජංගම දුරකතන තුල ලොව ඉතාමත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් විශාල තාක්ෂණික පෙරලියන් රැසක් සිදු කරමින් ඉදිරියට පැමිණි සමාගමක් විදිහට සලකන්න පුළුවන්. නමුත් ඇමරිකාව සහ චීනය අතර වෙළඳාම සම්බන්ධයෙන් ඇති සීතල යුද්ධය හේතුවෙන් ඇමරිකාව විසින් Huawei සාමගමේ නිෂ්පාදන ඇමරිකාව තුල අලෙවි කිරීම තහ…

02. විකල්ප ව්‍යාපා​ර අවස්ථා වෙත ආයෝජනය

Huawei සමාගම විකල්ප වෙළඳපල අවස්ථා වෙත අවධානය යොමු කරමින් විශාල වෙළඳපල වපසරියක ආයෝජනය කිරීම ආරම්භ කෙරුනි. මෙහි ප්‍රධානතම අවස්ථාව වන්නේ Huawei සමාගම විසින් Cloud computing වෙත යොමු වීම මේ හරහා ඔවුන් විසින් GCP හෙවත් Google Cloud Platform එකට සහ AWS හෙවත් Amazon Web Service වෙත කරට කර සිටිමින් තරඟ කල හැකි Huawei Cloud ලොවට හදුන්වා දෙන ලදී.

එමෙන්ම පුනර්ජනණීය බලශක්ති වෙළඳ පල වෙත අවධානය යොමු කරමින් Huawei සමාගම සූර්යාලෝකය හරහා විදුලිය නිපදවීමේ උපාංග සහ අවශය සියළුම දෑ සැපයීම සහ නිෂ්පාදනය පුළුල් කරන ලදී.

03. ගෝලීය Chip හිඟයට පිළිතුරු

COVID-19 වසංගතය ලොව පුරා පැතිරයාමත් සමඟින් ඇති වූ තත්වය හේතුවෙන් ගෝලීය වෙළඳ පලේ Chipset වල විශාල හිඟයක් ඇති විය. මෙහි ව්‍යාපාර අවස්ථාව දුටු Huawei සමාගම තනිවම ඔවුන්ගේම chipset factory එකක් හොර රහසේම නිර්මාණය කරමේ හිඟයට පිලිතුරු සපයන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස 2023 වසරේදී Huawei සමාගමට නැවතත් ලොවම මවිත කරමින් Kirin chipset එක පිලිබඳව ඉඟි පල කරමින් සිටී.

04. මෝටර් රථ නිෂ්පාදනයට හවුල් වී​ම

Huawei සමාගම ඔවුන්ගේ නවතම තාක්ෂණය සහ AI හැකියාවන් සමඟින් ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති භාවිතා කරමින් Electronic vehicle (EV) නිෂ්පාදකයන් සමඟ එක්ව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට එකතු වී තිබෙනවා. මේ හරහා Android Auto වෙනුවට විකල්පයක් ලෙසින් Huawei සමාගමේ නිමැවුමක් වෙළඳපලට එලිදැක්වෙනු ඇත.

මීට අමතරව තාක්ෂණික කටයුතු විශාල ප්‍රමාණයකින් මේ වන විට Huawei සමගම ඉදිරියට පැමිණ ඇති අතර, Huawei smart wearablesමේ අතර වනවා.

ශ්‍රී ලංකාව තුල Huawei

2019 සිද්ධියට පෙර Huawei යන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළඳපල සොලවාගෙන සිටි අංක එකේ ප්‍රමුඛයා ලෙස දක්වන්න පුළුවන්. 2019න් පසුවත් Huawei සමාගම තවමත් වෙළඳපල තුර රැදී සිටින අත එය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වැඩිම download ප්‍රමාණයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජංගම දුරකතන යෙදවුමක් වන Helakuru; Huawei AppGallery වෙත එකතු වනවා.

“Helakuru app now available on Huawei AppGallery” -Sanoj Siriwardana :Head of Marketing, Bhasha
Helakuru, Sri Lanka’s number one keyboard and digital services app powered by Bhasha Lanka (Pvt) Ltd is now featured in Huawei AppGallery much to the delight

ඊට අමතරව Pickme සහ My Dialog යෙදවුම් දෙකද Huawei AppGallery සමඟින් එකතු වනවා.

ඊට අමතරව ආර්ථික අර්බුදයත් සමඟම ශ්‍රී ලංකා ජනතාව විශාල වශයෙන් පුනර්ජනණීය බල ශක්තිය වෙත යොමු වූ අතර ඒ අතරින් සූර්ය කෝෂ හරහා විදුලි බලය ලබා ගැනීම ප්‍රචලිත වුනා. ඒ සඳහා භාවිතා කරන උපාංග සපයන ප්‍රධානතම සමාගමක් ලෙසින් Huawei සමාගම හදුන්වන්න පුළුවන්.

Source:
www.wikipedia.com
androidauthority.com
huawei.com
cnet.com
www.nytimes.com