Loading...
Huawei Mate 50 දුරකතන මිලදී ගැනීමට දිගු පෝලිම්, නිෂ්පාදනය ඉහළ නංව​යි

Huawei සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 21 වන දිනයේදී ඔඅවුන්ගේ නවතම Mate මාදිලියේ දුරකතනය වන Mate 50 දුරකතනය එලිදක්වනු ලැබූවා. ඒ සමඟම චීනයේ ජංගම දුරකතන වෙළඳසැල් සහ Hauwei වෙළඳසැල් පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරීමට යාමට ආරම්භ වූයේ Huawei සමාගමත් නොසිතූ අන්දමිනි. මෙය දුරකතන වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝළිම් පවා ඇති කිරීමට හේතු වී ඇත. එමෙන්ම ඒ වන විට නිපදවා වෙළඳ පලට නිකුත් කර තිබූ Mate 50 මාදිලියේ දුරකතන තප්පර කීපයක් තුල විකිණි අවසන් වී ඇත.

මෙම දිගු පෝළිමවල නව ජංගම දුරකතනය මිලදී ගැනීම සඳහා රැදී සිට ඇති අයගෙන් බහුතරයක් ඒ වන විටත් Mate 40 හෝ P50 මාදිලීන් වල ජංගම දුරකතන භාවිතා කරන පාරිභෝගිකයන් වීමද විශේෂත්වයක්.

ඒ හරහා අපට ගම්‍ය වන්නේ Huawei සමාගම විසින් නිපද වූ මෙම දුරකතන කෙතරම් ජනතාව අතර ජනප්‍රිය වී ඇතිද යන්නයි. මේ සඳහා බෙහෙවින්ම බලපා ඇත්තේ Huawei සමාගම විසින් පසුගිය කාලයේ නිපදවූ ජංගම දුරකතන වල විශිෂ්ඨ බව සහ ඒ සමඟින් ඔවුන් එකතු කල නවතම විශේෂාංග රැසයි. එමෙන්ම HarmonyOS eco system එක හදුන්වාදීමත් සමඟ Huawei සමාගමේ තාක්ෂණික උපාංග එකිනෙකට සම්බන්ධව භාවිතා කිරීමේ පහසුවද මේ සඳහා බලපා තිබෙනවා.

මේ ආකාරයෙන් තප්පර කීපයක් තුල වෙළඳපලට නිකුත් කර තිබූ Mate 50 දුරකතන සියල්ල විකිණී අවසන් වීමත් සමඟ Huawei සමාගම Mate 50 මාදිලීන් වල නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. Huawei සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන Yu Chengdong විසින් තම පාරිභෝගිකයන්ට ස්තූති කරමින් ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙන්නේ ඔවුන් පිලිබඳව විශ්වාසය තබමින් Mate 50 මාදිලීන් මෙපමණ ඉක්මනින් මිලදී ගැනීම පිළිබඳව ස්තූතිවන්ත වන බවයි.

“Yesterday, the Huawei Mate 50 series officially went on sale, and a large number of enthusiastic consumers went to Huawei stores across the country to purchase machines. Thank you very much for your love and support for the Mate 50 series! We will speed up production to ensure product supply so that more consumers can use the powerful Mate 50 series mobile phones.”

ඉදිරි දින කීපය ඇතුලත Mate 50 මාදිලීන්හි ජංගම දුරකතනයන් වල අලෙවිය දුරකතන මිලියන 10 ඉක්මවා යනු ඇතැයි Huawei ආයතනය බලාපොරොත්තු වනවා.

Apple සමාගම විසින් එලිදැක්වූ Apple iPhone 14 මාදිලීන් සඳහා නොසිතූ අන්දමේ තරඟකාරීත්වයක් චීනය තුලදී එල්ල කිරීමට Huawei Mate 50 මාදිලීන්ට මේ වන විට හැකී ඇත.

Sources: HC Newsroom Samsung Community