Loading...
Huawei සමාගම තම Honor Smartphone සන්නාම නාමය Zhixin සමාගම වෙත අලෙවි කිරීමට කටයුතු කරයි

Huawei Consumer Business Group එක යටතේ පැවති Smartphone සන්නාමයක් වෙන Honor Brand එක මේ වන විට Zhixin New Information Technology Co. Ltd සමාගම වෙත විකුණා දමා තිබෙනවා. 2011 දි ආරම්භ කරන ලද මේ සමාගම Online-Only Brand එකක් වෙන අතර මේ මිලදි ගැනිමත් සමග Zhixin New Information Technology Co. Ltd ලෙස Rename වෙනවා. මෙලෙස Honor සන්නාමය විකුණා දැමිමත් සමග Honor සන්නාමය යටතේ වු 30කට අධික Agents හා Dealersලා Zhixin New Information Technology Co. Ltd සමාගම සතු වෙනවා.

මිට පසුව Huawei සමාගම සතුව Honor සන්නාමයේ කිසිදු කොටසක් සතු වෙනනේ නැ. මේ ගණුදෙනුවට Honor සන්නාමයේ සියලු R&D capabilities, Supply chain management හා වෙනත් Honor වත්කම්‌‌ Zhixin New Information Technology Co. Ltd සමාගම සතු වෙනවා. ඒ වගේම මේ සදහා Honor සන්නාමයට ඇතුලත් සේවකයින් 7,000කට වැඩි පිරිසක් ද අයත් වෙනවා.

It is the best solution to protect the interests of Honor’s consumers, channel sellers, suppliers, partners, and employees.

මේ විකිණීම පිළිබඳව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මේ තුලින් Honor සන්නාමය යටතේ වන නිෂ්පාදනවලට කිසිදු බාධාවක් නොවන බවයි. ඒ වගේම Honor සන්නාමය රැක ගැනිම සදහා මේ ගණුදෙනුව සිදු කල බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා. සන්නාමයේ හිමිකාරිත්වය වෙනස් වුවද ඉදිරි නිෂ්පාදන සදහා කිසිදු බලපැමක් සිදු නොවන බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මේ ගණුදෙනුව තුලින් ඔවුන්ට ඇමරිකානු ඩොලර් බිලියන 15.2ක පමණ ආදායමක් ලැබි ඇති බවත් වාර්තා වෙනවා.

මේ ගණුදෙනුව සදහා ආසන්නතම හේතුව වි ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔවුන් වෙත පණවන ලද සම්බාධකයි. මේ සම්බාධක නිසා ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සදහා බාධාවක් සිදු වි ඇත. එමෙන්ම Huawei සමාගම ඔවුන්ගේම නිෂ්පාදන තුලින් ඉදිරියට ඒමට උත්සාහ දරන නිසා මෙලෙස ⁣ඔවුන්ගේ කොටසක් විකුණා දැමිම ඔවුන්ගේ ඉදිරි ගමනට ප්‍රගතියක් එක් කිරිමට සමත් වනු ඇත. ඒ වගේම මේ වන විට ඔවුන්ගේම Chipset නිෂ්පාදනාගාරයක් ඇරඹිමට ද ඔවුන් සුදානමින් සිටින බව අපි දන්නවා.

මේ කරැණු නිසා ඉදිරි කාලයේකි Huawei සමාගමේ නිෂ්පාදනවල ඉතා පෙරළිකාරි බවක් අපිට දකින්න ලැබේ යැයි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මේ වන විට ඔවුන් ඔවුන්ගේම OS එකක් වෙන HarmonyOS එක මේ දෙසැම්බරයේ නිකුත් කිරිමට සුදානමින් සිටිනවා.

Sources : XDA Developers, GizmoChina