Loading...
Huawei සමාගම දෙසැම්බර් 18 වන දින තම ජංගම දුරකතන වලට HarmonyOS Beta නිකුත් කිරීමට සූදානම් වේ

ඉදිරි මාස කීපය ඇතුලත Huawei සමාගම Android වලින් Harmony OS (a.k.a. HongMeng in China) එකට මාරු විමට සුදානමින් සිටින බවට තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා. ඒ අනුව Huawei සමාගමේ Harmony OS එක මේ වන විට අවසාන Development මට්ටමේ පවතින බව ඔවුන් දන්වා තිබෙනවා. පසුගිය දිනක පැවති Huawei Developer Conference එකේ දි මේ වසර අවසානය වන විට ⁣තෝරාගත් Smartphone වෙත මේ OS එකේ Beta Version එකක් ලබා දිමට සුදානම් බව ඔවුන් ප්‍රකාශ කලා.

Weibo User කෙනෙක් වෙන Changan Digital Kingට අනුව මේ Harmony OS එකේ Developer Beta Version එක දෙසැම්බර් 18 වන නිකුත් කිරිමට සුදානම් වෙන බවට අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ Beta Version එක නිකුත් කල පසු Smartphone කිහිපයක් සදහා මේ OS එකට Upgrade විමට හැකි වෙන අතර 2021 ජනවාරි, පෙබරවාරි වන විට Huawei Smartphone රැසක් සදහා Harmony OS එකේ Beta Version එක ලබා දිමටත් බලාපොරොත්තු වෙන බව දක්වා තිබෙනවා.

මේ Harmony OS එක Smartphone සදහාම පමණක් නොවන අතර එය TVs, smart cameras හා Head units සදහාද ගැලපෙන ලෙස Develop කර ඇති බව දැක්වෙනවා. මේ Harmony OS එක Huawei EMUI 11 Version එක සහිත Flagship Devices සදහා පළමුව ලබා දෙන ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉට අනුව මේ Harmony OS Beta Version එක මුලින්ම ලැබෙන Devices විදිහට Huawei Mate 40 Series එක හා MatePad Pro Tablet දක්වන්න පුළුවන්.

Sources : Gizmochina