Loading...
Pixel Density අගය 1000 වන ජංගම දුරකතන තිර නිෂ්පාදනයට Samsung සමාගම සූදානම් වේ

Samsung සමාගම කියන්නෙ මේ වෙද්දි Smartphones Industry එකට වගේම ඉලෙක්ට්‍රොනික උපාංග ආදිය නිෂ්පාදනයේ දැවැන්තයෙක්. හරියටම කියනව නම් දකුණු කොරියානු යෝධය. ඉතින් මේ වෙද්දි දකුණු කොරියානු Samsung සමාගම කටයුතු කරමින් ඉන්නෙ PPI අගය 1000 වන AMOLED Display නිෂ්පාදනයට. නැවත කියනව නම් අඟලකට තියෙන පික්සල් ප්‍රමාණය තමයි මේ PPI කියල කියන්නෙ. එහෙම නැත්නම් Pixels Per Inch (අඟලකට ඇති Pixels ප්‍රමාණය). ඉතින් Samsung සමාගම බලාපොරොත්තු වෙන්නෙ 2024 වසර වෙද්දි මේ නිෂ්පාදනයන් වෙළඳපොළට නිකුත් කරන්න.

මේ විදියට ඉහළ පික්සල්ස් ප්‍රමාණයක් සහිත Display එකක් නිෂ්පාදනය කරන්න Samsung සමාගම භාවිත කරන්නෙ උසස් තත්ත්වයෙන් යුත් TFT උපස්ථරයක්. ඉතින් වාර්තාවෙන විදියට මේ උසස් තත්ත්වයෙන් යුත් TFT Screens දැනට වෙළඳපොළේ තිබෙන විකල්පයන්ට වඩා දස ගුණයක් වේගවත් වෙනව. එ වගේම Samsung සමාගම බලාපොරොත්තු වෙන්නෙ මේ ඉහළ Resolution එකක් සහිත Display, දැනට තියෙන තුනී Transistors මත පදනම් වෙන Display නිෂ්පාදනයට වඩා ලාභදායි ආකාරයට නිෂ්පාදනය කරන්න.

දැනට තියෙන Theory වලට අනූව නම් මේ වගේ ඉහළ Resolution එකක් යෝග්‍ය වෙන්නෙ VR Headsets වලට. නමුත් මේ වගේ Displays නිෂ්පාදනය කරන්න පැහැදිලි හේතුවක් Samsung සමාගමෙන් ඉදිරිපත් කරල නැහැ. කොහොම උනත් මීට වසර 4කට වගේ කළින් Samsung සමාගමේ Gear VR අංශයෙදි මේ ආකාරයේ Display නිෂ්පාදනයෙහි ඇති වාසීන් ගැන සාකච්ඡා කරල තියෙනව.

ඉදිරියෙදි මේ ගැන තවත් තොරතුරු දනගන්න ලැබෙයි.

Source: GizChina