Loading...
Galaxy A මාදිලියේ දුරකතන වලින් depth camera එක ඉවත් කිරී​මේ Samsung සමාග​ම සූදානම​ක්

Galaxy A Series එක කියන්නේ මේ වන විට ලොව පුරාම ජනප්‍රියත්වයට පත් වි තිබෙන Galaxy Series එකක් වෙනවා. කෙසේ වෙතත් මේ Galaxy A Series එක පිළිබඳ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව මේ Series එක සදහා ලබා දී තිබෙන Depth Camera එක ඉවත් කිරිමට සුදානම් වන බව දක්වන්න පුලුවන්.

ඒ අනුව මීලග වසරේදී නිකුත් කිරිමට නියමිත Galaxy A24, A34 සහ A54 Devices සදහා මේ වෙන විට Galaxy A Series එක තුල යොදා ගන්නා Quad Camera Setup එක වෙනුවට Triple Camera Setup එකක් යොදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මෙහිදි Samsung සමාගම විසින් මීලග වසරේදී නිකුත් විමට නියමිත Galaxy A Series Devicesවල Depth Camera එක ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ Depth Camera එක භාවිත වෙන්නේ Portrait Imagesවල ගුණාත්මක බාවය ඉහළ නැංවීම සදහා වෙන අතර මේ වෙන විට එය Software මගින් ද සිදු කළ හැකි බැවින් ඔවුන් මෙලෙස Depth Camera එක ඉවත් කිරිමට සුදානම් වන බව දක්වන්න පුලුවන්.

මීලග වසරේදී නිකුත් විමට නියමිත Galaxy A24 Device එක 50MP Primary Camera එකකින්, 8MP Ultrawide Camera එකකින් හා 5MP Macro Camera එකකින් ද Galaxy A34 Device එක 48MP Primary Camera එකකින්, 8MP Ultrawide Camera එකකින් හා 5MP Macro Camera එකකින් ද Galaxy A54 Device එක 50MP Primary Camera එකකින්, 5MP Ultrawide Camera එකකින් හා 5MP Macro Camera එකකින් ද සමන්විත වනු ඇත.

කෙසේ වෙතත් මෙම තොරතුරු කිසිවක් තවමත් Samsung සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරියේදි මේ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනිමට අප සමග රැදි සිටින්න.
Sources: 9to5 Google