2025 පෙබරවාරි 28 වන දින, Microsoft සමාගම විසින් ලෝකයටම ප්‍රකාශ කළේ Skype එක කාලයක අන්තර්ජාල ඇමතුම්වල පුරෝගාමියෙක් වූ සේවාව, 2025 මැයි 5 වන දින ස්ථිරවම අවසන් කරන බවයි. දශක දෙකකට වඩා වැඩි කාලයක් ලෝකයේ මිලියන ගණනකට සන්නිවේදනයේ නව මඟක් විවර කළ Skype, Microsoft හි $8.5 බිලියන ගනුදෙනුවකින් 2011දී මිලදී ගත්ත දෙයක්. ඒත් දැන්, Microsoft හි නවතම සන්නිවේදන වේදිකාව වන Teams වෙත තම සම්පත් යොමු කරමින්, Skype හි ගමන අවසන් කිරීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. CNN වාර්තාවකට අනුව, මේ අවසානය Skype හි පරිශීලකයන්ට Teams වෙත මාරු වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒත් එක්කම Skype හි ඇතැම් සේවා, විශේෂයෙන්ම ටෙලිෆෝන් ඇමතුම්, සම්පූර්ණයෙන්ම නතර වෙනවා.
Skype හි ඉතිහාසය: ආරම්භයේ සිට අවසානය දක්වා
Skype හි කතාව ආරම්භ වෙන්නේ 2003දී, එස්තෝනියාවේදී Niklas Zennström (ස්වීඩනය) සහ Janus Friis (ඩෙන්මාර්කය) එක්ක එස්තෝනියානු ඉංජිනේරුවන් වන Ahti Heinla, Priit Kasesalu, Jaan Tallinn, සහ Toivo Annus විසින් මේ සේවාව නිර්මාණය කළා. "Sky peer-to-peer" කියන නමින් ආරම්භ වුණු මේක, පසුව "Skyper" බවටත්, අවසානයේ "Skype" බවටත් පත් වුණා. මොකද "Skyper" ඩොමේන් නම ගන්න බැරි වුණ නිසා "r" එක ඉවත් කළා. මේක Kazaa වගේ P2P (peer-to-peer) තාක්ෂණය භාවිතා කරලා, ලෝකයේ ඕනෑම තැනකට නොමිලේ ඇමතුම් ලබා දෙන්න ගත්තේ එකල ජංගම හෝ ලෑන්ඩ්ලයින් ඇමතුම්වලට වියදම් වැඩි වෙලා තිබුණු නිසා.
2005දී eBay විසින් Skype $2.6 බිලියනයකට මිලදී ගත්තත්, 2009දී ඒකෙන් 65%ක් Silver Lake වගේ ආයෝජකයන්ට $1.9 බිලියනයකට විකුණුවා. 2011දී Microsoft ඒක $8.5 බිලියනයකට මිලදී ගත්තා. එතකොට Microsoft හි Windows Live Messenger වගේ සේවාවන් ඒක එක්ක ඒකාබද්ධ කළා. Skype හි උපරිමය 2013දී ඔවුන්ට ලැබෙන්නේ මිලියන 50කට වඩා සමගාමී පරිශීලකයන් එක්ක. 2012දී Android භාවිතය මිලියන 70 ඉක්මවුවා; 2014දී Skype to Skype ජාත්‍යන්තර ඇමතුම් විනාඩි බිලියන 214ක් වාර්තා කළා.
ඒත්, FaceTime, WhatsApp, Zoom වගේ තරඟකරුවන් එක්ක Skype හි ජනප්‍රියත්වය 2010 දශකයේ අගදී අඩු වුණා. COVID-19 වසංගතයේදී Zoom වගේ සේවා ඉහළ ගියත්, Skype ඒ තරම් ඉදිරියට ගියේ නැහැ. Microsoft හි Teams, ව්‍යාපාරික හා පුද්ගලික භාවිතයට ගැලපෙන වේදිකාවක් Skype වෙනුවට ඉස්මතු වුණා.
Skype හි අවසානය: Microsoft හි තීරණය
TechCrunch, The Verge, සහ Windows Central වාර්තාවන්ට අනුව, Skype 2025 මැයි 5දා සම්පූර්ණයෙන්ම නතර වෙනවා. Microsoft හි Jeff Teper Collaborative Apps and Platforms හි සභාපති කියන විදිහට, "පාරිභෝගික සන්නිවේදන සේවා එකට ගලපන්න Teams වෙත යොමු වෙන්න අපි මේක කරනවා." Skype පරිශීලකයන්ට තම චැට් ඉතිහාසය, ඇමතුම් ඉතිහාසය, සහ සම්බන්ධතා Teams වෙත මාරු කරන්න පුළුවන්. නැත්නම් ඒවා export කරලා වෙනත් platform එකකට ගන්නත් ඉඩ ලබා දීලා තියෙනවා. Skype credits හෝ subscriptions තියෙන අයට මැයි 5ට කලින් ඒවා භාවිතා කරන්න හෝ refund ඉල්ලන්න පුළුවන්. ඒ වගේම Skype Number වගේ සේවාවනුත් නතර වෙනවා.
Starting in May 2025, Skype will no longer be available. Over the coming days you can sign in to Microsoft Teams Free with your Skype account to stay connected with all your chats and contacts. Thank you for being part of Skype pic.twitter.com/EZ2wJLOQ1a
— Skype (@Skype) February 28, 2025
Forbes හි වාර්තාවකට අනුව, Skype හි මෑත මාසවල subscription model එකට මාරු වීමත් පරිශීලකයන් ආකර්ෂණය කරගන්න අසමත් වුණා. XDA Developers පෙන්වා දෙන විදිහට, Skype හි preview version එකක "Starting in May, Skype will no longer be available" කියන පණිවිඩයක් දිස් වුණා. ඒකෙන් Microsoft හි තීරණය තහවුරු වුණා.

Skype හි බලපෑම සහ Teams වෙත මාරුව
Skype කියන්නේ අන්තර්ජාල ඇමතුම්වල පුරෝගාමියෙක්. එකල ජංගම ඇමතුම්වලට වියදම් වැඩි වෙලා තිබුණු වෙලාවක ලෝකයේ ඕනෑම තැනකට නොමිලේ ඇමතුම් ලබා දුන්නා. ඒ වගේම වීඩියෝ ඇමතුම්, instant messaging, file sharing වගේ ලක්ෂණත් එක්ක එය ලෝකයේ සන්නිවේදනය වෙනස් කළා. ඒත් WhatsApp, Zoom, Discord වගේ තරඟකරුවන් එක්ක තරඟ කරන්න Skype ට බැරි වුණා, විශේෂයෙන්ම වසංගතයෙන් පස්සේ.
Teams දැන් Microsoft හි ප්‍රධාන වේදිකාව වෙලා. ඒකෙ one-on-one calls, group calls, messaging, file sharing වගේ Skype හි ලක්ෂණ තියෙනවා වගේම, meetings host කිරීම, calendar management, community building වගේ තවත් ලක්ෂණත් තියෙනවා. CNN පෙන්වා දෙන විදිහට, Teams free version එක Skype පරිශීලකයන්ට ප්‍රමාණවත්—ඒත් ටෙලිෆෝන් ඇමතුම් වගේ දේවල් නැති වෙනවා.
ව්‍යාපාර හා පුද්ගලයන්ට වන බලපෑම
Skype ව්‍යාපාරවලටත් පුද්ගලික භාවිතයටත් ලොකු බලපෑමක් කළා. Skype Number භාවිතා කළ ව්‍යාපාරික පාර්ශවයන්ට දැන් Zoom Phone, Google Voice වගේ විකල්ප හොයන්න වෙනවා. Ars Technica වාර්තාවකට අනුව, Microsoft දැන් Skype Insider පරිශීලකයන්ට Teams වෙත ලොග් වෙන්න ඉඩ දෙනවා. මේක ඉදිරි දවස්වලදී සියලුම පරිශීලකයන්ට විවෘත වෙයි. පුද්ගලික පරිශීලකයන්ට WhatsApp, FaceTime වගේ ලේසි විකල්ප තියෙනවා. ඒත් Skype හි nostalgic වටිනාකම ඒවාට නැහැ.
Skype හි 22 වසරක ගමන 2025 මැයි 5දා අවසන් වෙනවා. ඒත් එය ඩිජිටල් සන්නිවේදනයේ ඉතිහාසයේ ලොකු වෙනසක් සිදු කරා. Microsoft හි Teams වෙත මාරුවීමත් එක්ක, Skype හි යුගය අවසන් වුණත්, එය ලෝකයට ලබා දුන් දේවල් අමතක කරන්න බැහැ. ඔබත් Skype පරිශීලකයෙක් නම්, මැයි 5ට කලින් Teams උත්සාහ කරලා බලන්න. නැත්නම් ඔබේ ආදරණීය Skype මතකයන් export කරලා තියාගන්න!
Source: edition.cnn.com techcrunch.com