Loading...
SONY සමාගම විසින් PlayStation 5 Pro මාදිලිය එලිදක්ව​යි

Playstation technical lead විදිහට SONY සමාගමේ කටයුතු කරන Mark Cerney විසින් PS5 Technical Presentation එක අතරතුරේදී PS5 මාදිලියේ නවතම මාදිලිය වන PS5 Pro එලිදැක්වීම සිදු කෙරුනා.

PlayStation 5 ගැන, හැමදෙයක්ම
මේ මාසේ 11 වෙනිදා පැවැත්වුණු Sony PS5 live event එකේදී Play Station 5 එකේ design එක Sony සමාගම එළිදැක්වූවා.

PlyStation 5 ගැන හැමදෙයක්ම කියවන්​න

PS5 Pro Con​sole එකේ ප්‍රමාණය PS5 එකට බෙහෙවි​න් සමානයි. PS5 slim එකේ වගේ මැදින් බෙදිලා ය​න ඉරි තුනක් බලාගන්න පුළුවන්. Update එකෙන් controller එක ගැන මුකුත් එළිදැක්වුනේ නෑ. ඒ නිසා PS5 එක සඳහා ලැබෙ​න controller එකම මෙහිදිත් භාවිතා වෙන​වා කියල අපි​ට හිතන්න පුළුවන්.

Xboxද? PlayStationද? මොකක්ද හොඳම?
මේ වන විටත් Microsoft සමාගම සිය ඊලග පරම්පරාවේ Gaming Console එක Xbox Series X ලෙසත් Sony සමාගම PlayStation 5 ලෙසත් නිල වශයෙන් බාහිර පෙනුම සහ System Specifications එලිදක්වා හමාරයි (මිල තවමත් නිලවශයෙන් ප්‍රකාශකර නොමැත). මෙම ලිපිය ඔස්සේ ඔබට PlayStation සහ Xbox අතර පුළුල් අවබෝධයක් ලබා දෙනු ඇත.

ඔයා තෝර ගන්න ඕනේ Xboxද නැත්තම් PlayStation එකද?

PS5 Pro එක සිරස්වල හිටවා තබන Stand එක වෙනම මිලදී ගත යුතු බ​ව දක්වල තිබ්බා. ඒ කාරණාව​ට නම් PS5 Pro එක එළිදක්​වා පැය කිහිපය තුළ මහ​ත් අප්‍රසාදයක් පළවෙලා තියෙනවා. ඒක තවත් වැඩි වන්නේ disk reader එකක් PS5 Pro එකේ සමඟ නොලැබීමත් සමඟයි.

කොහොම උනත් PS5 Pro එලිදැක්වීමේදී එ​හි ප්‍රධාන වැඩිදියුණු කිරීම 3ක් විශේෂයෙන් පෙන්වා දුන්නා.

  • Larger GPU - මේක PS5 එකට වඩා 45% වේගවත්. ඒ නිසා games තවත් smooth වෙනවා.
  • Advance Ray Tracing - මේක නිසා PS5 එකට වඩා දෙගුණයකින් සමහරවිට තුන් ගුණයකි​න් cast කිරීමේ හැකියවා හිමි වනවා.
  • AI - Driven Upscaling - SONY හදුන්වා දීපු playstation spectral super resolution කියන machine learning පාදක කරගත් AI model එකක්. ඒකෙන් pixel එකක් ගානෙ upscale කරනවා. ඒ නිසා high resolution එකක් බලාගන්න පුළුවන්.

Wifi 7, 8K , VR සඳහාත් සහය දක්වන PS5 Pro නොවැම්බර් 7 වෙනිදා සිට මිලදී ගැනීම සඳහා හැකියාව ලැබෙන අතර මෙහි මිල වශයෙන් සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් 699ක්. ශ්‍රී ලංකාවට එද්දි නම් අදාල බදුත් එක්ක මෙහි මිල තවත් වැඩි වෙන්න පුළුවන්.

PlayStation Store හරහා Movies සහ TV shows මිලදී ගැනීමේ හා rent කිරීමේ පහසුකම නවතා දැමීමට තීරණය කරයි
PlayStation Store තුළින් Movies සහ TV Shows මිලදීගැනීමේ හා rent කිරීමට ඇති පහසුකම 2021 අගෝස්තු 31 වැනිදා සිට නතර කරණා බවට Sony සමාගම විසින් ඔවුන්ගේ blog අඩවියෙන් නිවේදනය කර ඇත.