ඔබට මතක ඇති පසුගිය දිනක දි Elon Musk විසින් ඇමරිකාව තුල Tesla මෝටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කිරිමට අවස්ථාව ලබා දෙනු ලැබුවා.
You can now buy a Tesla with Bitcoin
— Elon Musk (@elonmusk) March 24, 2021
ඒ වගේම 2022 වසර මුලදි ක්‍රියාත්මක කිරිමට නියමිත “DOGE-1 Mission to the Moon” මෙහෙයුමට සමගාමිව මේ වෙන විට SpaceX ආයතනය විසින් Doge coin මගින් Payment ලබා ගැනිම ආරම්භ කර බවට Elon Musk විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා.
SpaceX launching satellite Doge-1 to the moon next year
— Elon Musk (@elonmusk) May 9, 2021
– Mission paid for in Doge
– 1st crypto in space
– 1st meme in space
To the mooooonnn!!https://t.co/xXfjGZVeUW
කැනේඩියානු ඉංජිනේරු සමාගමක් වෙන Geometric Energy Corporation සමාගම විසින් මේ “DOGE-1 Mission to the Moon” සදහා SpaceX සමග හවුල්කාරිව කටයුතු කරනවා.
Doge coinහි ඇරඹුම සමාජ මාධ්‍යවල පළවු විහිලුවක් මගින් සිදුවුණ අතර Elon Muskගේ Tweet එකක් මගින් මේ Cryptocurrency එක වෙළඳපොල තුල ජනප්‍රිය විම ඇරඹුණා. එය පසුගිය මාසයට සාපේක්ෂව මේ වෙන විට 800% ඉහළ ගොස් තිබන අතර මේ වෙන විට ලොව සිව්වැනියට විශාලතම Digital Currency එක බවට පත් වි තිබෙනවා.
Source : Gizmochina