ලොව ප්‍රමුඛතම Music Streaming සේවාව වන Spotify ජංගම දුරකථන පරිශීලකයින් සඳහා ඉතා කාලෝචිත නව විශේෂාංග දෙකක් වන 'Listening Activity' සහ 'Request to Jam' හඳුන්වා දී තිබෙනවා. මෙමගින් සංගීතයට සවන් දීම හුදෙක් පෞද්ගලික අත්දැකීමකට එහා ගිය වඩාත් Social අත්දැකීමක් බවට පත් කිරීමට Spotify බලාපොරොත්තු වන බව දක්වන්න පුලුවන්.
Listening Activity
මේ මගින් ඔබට ඔබගේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයින් මේ මොහොතේ සවන් දෙමින් සිටින්නේ කුමන ගීතයටද යන්න එසැනින් දැකගත හැකි වන අතර Spotify Messages හරහා මෙය දිස්වනවා. තවද මිතුරෙකු සවන් දෙන ගීතයක් මත Tap කිරීමෙන් ඔබටත් එම ගීතයට සවන් දීමට මෙන්ම එය ඔබගේ Library එකට එකතු කර ගැනීමට හෝ Emoji මඟින් ඊට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙනවා.

මෙය ඔබ කැමති නම් පමණක් ඔබ සවන් දෙන දේ අන් අයට පෙනෙන සේ සක්‍රීය කර ගත හැකියි.
Request to Jam
යමෙකු යම් ගීතයකට සවන් දෙන බව දුටු විට ඔබටත් ඔවුන් සමඟ එක්ව එම මොහොතේම එම ගීතයට සවන් දීමට ආරාධනා කළ හැකි අතර Chat window එකේ ඉහළ දකුණු කෙළවරේ ඇති 'Jam' බොත්තම එබීමෙන් ඔබට Remote Jam එකකට ආරාධනා කළ හැකියි.
මිතුරා ආරාධනය පිළිගත් පසු ඔබ දෙදෙනාටම එකම ගීතය එකවර ඇසෙන අතර දෙදෙනාටම මීළඟට වාදනය විය යුතු ගීත එකතු කළ හැකියි. Premium පරිශීලකයින්ට පමණක් මෙම ආරාධනා යැවිය හැකි අතර, Free පරිශීලකයින්ට එම ආරාධනා පිළිගෙන සම්බන්ධ විය හැකි වනවා.

මෙම විශේෂාංග දැනටමත් iOS සහ Android උපාංග සඳහා ලොව පුරා නිකුත් වෙමින් පවතින අතර, 2026 පෙබරවාරි මුල් සතිය වන විට සියලුම පාරිභෝගිකයින් වෙත මෙය නිල වශයෙන් ලැබෙනු ඇත.
Source: newsroom.spotify.com www.androidauthority.com








