Loading...
මේ දවස් ව​ල හැමෝම ක​තාවෙන Spotify Wrapped 2022 ගැන දැන ගනි​මු

අපි කවුරුත් කැමතියි සින්දු අහන්න. හැබැයි ඉතින් අපි සින්දු අහන විදිය එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒ අතරින් Spotify කියන්නේ දැනට ලෝකේ පවතින ජනප්‍රියතම Music App එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඒක අවිවාදයෙන් තොරව බොහෝ අය මේ වන විටත් පිලිගන්න දෙයක්. ඒ වගේම තවමත් Google Play Store මත හා Apple App Store එකෙහි Music Category එක යටතේ Rankings වල ලෝකේ Number 01 තියෙන Music App එකත් මේ App එක.

මේ සුපිරි Music Streaming App එකේ සෑම වසරකම අවසානයේ නිකුත් කරන Spotify Wrapped පිළිබඳව මේ ලිපියෙන් කතා කරමු.


මොකද්ද මේ Spotify Wrapped කියන්නේ?

2016 සිට සෑම දෙසැම්බර් මාසයකම ජනවාරි 1 සිට ඔක්තෝබර් 31 දක්වා Spotify හී සවන්දීමේ සංඛ්‍යාලේඛනයක් පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කරනවා. මෙය සෑම වසරකම වඩාත්ම ජනප්‍රිය Music සහ Podcasts ඇතුළත් කරමින් නිර්මාණය කර ඇත. එය Spotify Wrapped ලෙස හැඳින්වෙනවා.

මේ තුලින් පරිශීලකයින්ට ඔවුන්ගේ Listening History එක පිලිබදව දැන ගත හැකි වන්නේ “Wrapped Cards” තුලිනි. මෙම Wrapped Cards මගින් වසර තුළ වැඩිපුරම සවන් දුන් ගීත, කලාකරුවන්, ප්‍රභේද සහ Podcast ආදිය නිරුපනය වන අතර එමගින් පරිශීලකයින්ගේ අනෙකුත් සමාජ මාධ්‍යවල මිතුරන් සහ අනුගාමිකයින් අතර තම Cards Share කර ගැනීමටද හැකිවනවා.

Spotify Wrapped තුළින් ඔබට බලාගත හැක්කේ මොනවාද?

ඉහත සදහන් කල ආකාරයට Wrapped Cards මගින් පරිශීලකයින් වැඩි වශයෙන් සවන් දුන් ගීත, කලාකරුවන්, Playlists සහ Podcast දක්වනු ලබනවා. තවද මෙය Facebook, Instagram, Twitter, Snapchat, සහ Tik Tok වැනි සමාජ මාධ්‍ය ජාලා තුලද පළ කිරීමටද හැකි වනවා.

පහතින් දැක්වෙන්නේ 2022 Spotify wrapped හී අන්තර්ගත වන ඒවාය.

  1. My Top Genres
  2. Audio Day (“My mornings," “My afternoon," and “My nights")
  3. My Minutes Listened
  4. My Top Song(s)
  5. My Top Artist(s)

තවද මෙම Wrapped cards එකිනෙක සම්බන්ද කරගැනීමෙන් Final Wrapped Card එකක් ලබා ගත හැකි අතර ක්‍රියාශීලි සවන්දෙන්නන් සදහා Your Listening Personality නමින් විශේෂිත card පතක්ද පවතිනවා.

Image Courtesy - www.androidauthority.com

Android සහ iOS App එක තුළ Spotify Wrapped ලබා ගන්නේ කොහොමද?

Spotify Wrapped Playlists වර්ෂයේ අවසාන මාස දෙක තුලදී Spotify Home Screen එක තුලදී දර්ශනය වේ. එය ඔබ ලබන ජනවාරි මාසයෙහි පළමු Spotify Open කිරීමත් සමග නැති වී යන නමුත් මේ වනවිට සැම වසරකම Wrapped playlists සදහා ප්‍රවේශ වීමේ හැකියව පවතිනවා.
spotify.com/wrapped මගින් Spotify හී iOS හෝ Android යෙදුම සඳහා කෙලින්ම Wrapped screen එක තුලට ලගා විය හැක.

Windows/Mac තුළින් Spotify Wrapped සඳහා පිවිසෙන්නේ කොහොමද?

Image Courtesy - www.androidauthority.com

දැනට පවතින තොරතුරු හා අත්දැකීම් වලට අනුව Spotify Wrapped විශේෂාංගය Desktop Platform එකට නොමැති අතර එය ජංගම දුරකථන සදහා සීමා වනවා.

Android සහ iOS App එකේ Spotify Wrapped පෙන්නන්නේ නැද්ද?

Spotify Wrapped සියලු පරිශීලකයින්ට එකවර නොපෙන්වන අතර එය යාවත්කාලින වීමට යම්කිසි කාලයක් ගත විය හැක. තවද එය ඉහත සදහන් කල ආකාරයට Mobile App සදහාද යම්තාක් දුරකට සීමිත වනවා.


කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයෙකු විසින් මේ Spotify Wrapped ලංකාවේ පරිශීලකයින්ට නොපෙන්වන්නේ ඇයි දැයි විමසු විට Spotify Care Center එක පවසා ඇත්තේ මේ අයුරිනි.

Spotify Cares on Twitter

කෙසේ වෙතත් මෙසේ Spotify Wrapped ශ්‍රී ලංකාවට නොමැති වීමට හේතු නොදක්වා ඇති අතර මීට පෙර වසරදීත් ශ්‍රී ලංකාවට Spotify Wrapped ලැබී තිබියදීත් මෙවර නොලැබීම විමතියට කරුණක් වනවා.

එහෙත් මෙය ශ්‍රී ලංකාවේ Artistලාට පෙර වසර වලදී මෙන් මේ වසරේදීත් Artist Wrapped ලෙසින් ඔවුන්ගේ ගීත වල Stream Count එක, Followers ලා ගණන ආදී බොහෝ දේ ඔවුන්ට මේ Wrapped හරහා පෙන්වනු ලබනවා.

Source: androidauthority.com