Loading...
TCL සමාගම විසින් Movies නැරඹිය හැකි Sunglass pair එකක් හඳුන්වා දේ

TCL සමාගම විසින් 2019 පැවති IFA Event එකේදී ඔවුන්ගේ Project Archery පිළිබඳව Prototypes එළි දැක්වුවා. මෙය Smart Glass වලින් සමන්විත Sunglass එකක් වෙන අතර OLED Display දෙකකින් යුතු වේ. මේ Display තුලින් Film Hall එකක සිට චිත්‍රපටයක් නරඹනවා මෙන් අත්දැකිමක් ලබාගැනිමට හැකි වනු ඇති බව ඔවුන් පවසනවා.

මේ Project Archeryහි 2.0 Version එක මේ වසර මුල පැවති CES හිදි දැක ගැනිමට හැකි වු අතර IFA 2020හි දි 3.0 Version එක ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවා. මේ නව Version එක 2.0 Version එකට වඩා තරමක් කුඩා හා සැහැල්ලු මෙන්ම නව පෙනුමකින් යුතු වෙනවා. ඒ කියන්නේ මේකේ පෙනුම අපිට එදිනෙදා දකින්න පුළුවන් වෙන Sunglass එකක් වගේම තමා.

TCL සමාගම පවසන අකාරයට මේ Sunglass පැළදිමේදි අවශය නම් Contact Lenses සමග හෝ රහිතව භාවිත කල හැකි බව පෙන්වා දෙනවා.

Sources : MobileSyrup, Engadget