Loading...
Telegram සඳහා නව ‘Stories’ පහසුකම එළඹෙන ජූ​ලි මාසයේදී හඳුන්වා දීමට සුදානම් වේ

ලොව ජනප්‍රියතම Messenger App එක ලෙස WhatsApp පත් ව ඇති බව නොරහසකි. ඒ සඳහා හේතු වී ඇත්තේ WhatsApp සඳහා ලබා දී ඇති Simple User Interface එක සහ විශේෂාංගයන් නිසාවෙනි. මින් WhatsApp Status විශේෂාංගය විශේෂයෙන්ම දැක්විය හැකියි.

Statistic: Most popular global mobile messenger apps as of January 2023, based on number of monthly active users (in millions) | Statista
Source: Statista

ඔබට මතක ඇති 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීම ඇරඹු නව WhatsApp Privacy Policy එකත් සමඟ බොහෝ WhatsApp පරිශීලකයන් Telegram, Signal වැනි විකල්ප Messaging Services වෙත මාරු වීම සිදු වු බව. මෙහිදී බොහෝ දෙනාට ගැටලු වු කරුණක් වුයේ එම Messaging Servicesවල WhatsApp Status වැනි විශේෂාංගයක් නොතිබීමයි. ⁣එමෙන්ම බොහෝ Telegram පරිශීලකයන් මෙන්ම, Telegram සඳහා මාරු වීම අවශ්‍ය WhatsApp පරිශීලකයන් විසින් ද දිගින් දිගටම Telegram සමාගම තුළින් ඉල්ලා සිටියේ Telegram සඳහාත් WhatsApp Status වැනි විශේෂාංගයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව Telegram සමාගමේ CEO වන Pavel Durov මහතා විසින් Telegram සඳහා නව Stories විශේෂාංගය ලබා දීමට සුදානම් බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. එළඹෙන ජුලී මාසයේදී මෙය නිල වශයෙන්ම Telegram සඳහා හඳුන්වා දීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Telegram Stories Features

Privacy - WhatsApp Status විශේෂාංගයේ මෙන්ම ඔබාග් Stories දැකිය යුත්තේ කවුදැයි යන්න ඔබට තිරණය කළ හැකි වනවා. (Everyone, only your contacts (with exceptions), Few selected contacts or List of Close Friends)
Compact UI - Chat List එකේ ඉහළ කෙලවරේ Expendable Section එකක් ලෙස Stories දැක ගත හැකි වනවා.
Flexibility - ඕනෑම පුද්ගලයකු පළ කරන Stories සැඟවිමේ හැකියාව ලැබෙන අතර ඒවා නැරඹිමට නම් Hidden List එක වෙත පිවිසය යුතු වනවා.
Captions - Stories සඳහා Captions එක් කිරීමේ හැකියාව ලැබෙන අතර ඒ සඳහා Link එක් කිරීම හෝ පුද්ගලයින් Tag කිරීමත් සිදු කළ හැකි වනවා.
Dual Camera Support - මේ ඔස්සේ ඉදිරිපස සහ පිටුපස Cameraවලින් එක අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප පළ කිරිමේ හැකියාව ලැබෙනවා.
Optional Ephemerality - ඔබටම ඔබේ Stories Expire විය යුතු කාලය තෝරා ගැනිමේ හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ පැය 6, පැය 12, පැය 24 හෝ පැය 48ක් ලෙස තෝරාගත හැකි වනවා.

මේ වන විටත් Telegram Stories පිළිබඳව අවසන් Testing Phase එකත් සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබි තිබෙන අතර එළඹෙන ජුලි මස මේ විශේෂාංග නිල වශයෙන් සියලූම Telegram පරිශීලකයන් සඳහා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Du Rove's Telegram Channel