ඔබට මතක ඇති පසුගිය මාර්තු මාසයේ දි ඇමරිකාව තුල Tesla මෝටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කල හැකි බවට Elon Musk විසින් නිවේදනය කරනු ලැබුවා.
කෙසේ වෙතත් Elon Musk විසින් මෙලෙස Bitcoin මගින් Tesla මෝටර් රථ මිලදි ගැනිමට තිබු හැකියාව නවතා දමන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් Twitter සටහනක් මගින් දක්වා තිබෙන්නේ මින් පසු Bitcoin භාවිත කර Tesla මෝටර් රථ මිලදි ගත නොහැකි බවයි.
Tesla & Bitcoin pic.twitter.com/YSswJmVZhP
— Elon Musk (@elonmusk) May 12, 2021
මේ සදහා හේතුව ලෙස ඔහු විසින් දක්වා තිබෙන්නේ Bitcoin Mining හා Transactions මගින් ෆොසිල ඉන්ධන භාවිතය, විශේෂයෙන්ම ගල් අගුරැ ඉතා වේගයෙන් භාවිතය ඉහල නැංවිම සිදු වෙන බවයි. ගල් අගුරැ මගින් ඉතා වැඩි පරිසර දුෂණයක්ද සිදු වෙන බව මොහු දක්වා තිබෙනවා. ඒ අනුව Bitcoin Mining හා Transactions මගින් සිදු වෙන ඉන්ධන භාවිතයට වඩා 1% පමණ අඩු ඉන්ධන භාවිතයක් සිදු වෙන Cryptocurrency ඒකකයන් පිළිබඳව ඔවුන් මේ වෙන විට අවධානය යොමු කරමින් සිටින බවත් දක්වා තිබෙනවා.
Wow. pic.twitter.com/jAAmmmFJtl
— TradingView (@tradingview) May 12, 2021
කෙසේ වෙතත් මේ Tweet එකත් සමග Bitcoinහි මිල පහත වැටුණු අතර එය ඇමරිකානු ඩොලර් 57,283.87ක සිට ඇමරිකානු ඩොලර් 46,294.72ක අගයන් දක්වා පහත වැටි තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට නැවත Bitcoin මිල යථා තත්වයට පත් වෙමින් තිබෙනවා.
Source : Beebom, TradingView