Loading...
Microsoft සමාගම විසින් එළිදැක්වූ Windows 11 සමඟ පැමිණෙන නවතම පහසුකම් 5

ඔන්න ඉතින් කාලෙකට පස්සේ Microsoft සමාගම විසින් එයාලගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක් විදියට Windows 11 එක ඊයේ එලි දැක්වූවා. ඉතින් අද අපි කතා කරන්නේ යන්නේ මේකෙදී අපිට බලාගන්න පුලුවන් උන ප්‍රධානම features ටිකක් ගැනයි.

නව Microsoft Store එකක් සහ Android Apps ධාවනය කිරීමේ හැකියාව

ඉතින් ඔන්න පලවෙනි ඉතා සුවිශේෂ උන feature එකක් තමයි Android Apps Microsoft store එකෙන් download කරගෙන windows 11 තුලදීම කිසිම කරදරයකින් තොරව ධාවනය කලහැකි වීම. මෙහිදී අපිට බලාගන්න පුලුවන් වෙන්නේ Amazon Store එකේ තිබෙන Android Apps පමණයි. ඒ නිසා ඉදිරියේදී Amazon Store එකේ විශාල වශයෙන් Apps එකතුවෙනවා බලාගන්නත් පුලුවන් වෙයි. තව දුරටත් මෙහිදී Microsoft ආයතනය කියා සිටියේ මෙසේ එහි තිබෙන Apps වලින් එන ආදායමෙන් කිසිම මුදලක් තමන් අය නොකරගන්නා බවයි.

Touch screens සඳහා වඩාත් හොඳින් optimize කර තිබීම

තවත් සුවිශේෂ වුන දෙවනි features එක තමයි මෙම මෙහෙයුම් පද්ධතිය touch screen සදහා ඉතාමත් හොදින් නිර්මාණය කර තිබීමයි. නව මෙහෙයුම් පද්ධතියේ ඇති virtual keyboard එකද ඕනෑම කෙනෙකුට තනි අතින් හැසිරිවිය හැකි පරිදී කුඩාවට සකසාගැනීමට පුලුවන් වීම ඒ අතරින් සුවීශේෂී වෙනවා. එසේම විවෘත වී ඇති window කිහිපයක් එකවර එකම screen එකකට ගැනීමට ඉතාමත් පහසු හා වේගවත් පහසුකම් රැසක් මෙහිදී බලාගන්නට පුලුවන් වෙනවා.

වැඩි දියුණු කල multiple desktop පහසුකම

තවත් මෙහිදී බලාගන්න පුලුවන් උන දෙයක් තමයි multi screen පහසුකම. දැනටමත් ඔබ monitors දෙකක හෝ කිහිපයක වැඩ කර තිබේනම් ඔබට තිබෙන ලොකුම ගැටලුවක් තමයි එක monitor එකක් විසන්දි කල විට එහි තිබෙන window ටික ප්‍රධාන monitor තිරය මත පතිත වීම. මෙය ඉතාමත් අප්‍රසන්න ලෙස Windows 10 හි දක්නට ලැබුනත් එය සම්පූර්ණයෙන්ම ඉතාමත් විශිෂ්ඨ ලෙස ප්‍රධාන තිරයට කිසිදු බලපෑමක් ඇති නොකර තබා ගැනීමට Windows 11 අපිට පහසුකම් ලබාදී තිබෙනවා. ඒ වගේම නැතිව monitor එක සම්බන්ධ වුන විට තිබුන ආකාරයටම එය එහි ස්ථානවීමද සිදුවන්නේ කිසිම බලපෑමකින් තොරවයි.

Windows 10 වලට වඩා හොඳ Gaming experience එකක්

අද වන විට වින්ඩෝස් පරිගණකයේ ප්‍රධානම අංගයක් තමයි මේ Gaming කියන්නේ. ඉතින් මේ windows 11 හිදීත් අපිට ඉතාමත් විශිෂ්ඨ ලෙස පරිගණක ක්‍රීඩා කිරීමට අවස්ථාවක ලබා දෙනවා. එහිදී  Windows 11 තුල ඇති AutoHDR පහසුකම මගින් ඉතාමත් ලස්සන Graphics Game එක play කරනවිට අපිට බලාගන්න පුලුවන් වෙනවා. හැබැයි තවමත් ඔවුන් දන්වලා නෑ කොපමණ දුරට Graphics card එක සමග මේ පහසුකම වැඩ කරනවද කියල. තව විශේෂ දෙයක් තමයි Windows 11 එකේ ඉදන් බොහොමයක් Xbox හි තිබෙන Games ක්‍රීඩා කල හැකි වීමයි. එම නිසා වෙනම වියදමක් නොකොට Xbox හි ඇති ක්‍රීඩා Windows 11 වෙතින් අපට බලාගන්න පුලුවන්.

Built in chat පහසුකම

මෙහි තව අංගයක් තමයි මෙහි built in Microsoft teams පහසුකම ලබා දීමයි. ඔබ දැනටමත් teams භාවිතා කරන කෙනෙක්නම් ඔබට මෙය ඉතාමත් වටිනා feature එකක් වෙනවා. මෙය messaging app එකක් වැනි සිහින් app එකක් ලෙස නිර්මණය කර තිබීම හා ඉතාමත් වේගවත් ලෙස නිර්මාණය කර තිබීම නිසා අලුත් අත්දැකීමක් ගෙනදෙනු ඇත.