Loading...
Galaxy S22 Ultraහි 108MP Camera Sensor එක සදහා හදුන්වා දෙන නව Detail Enhancer Feature එක Macro ඡායාරූපකරණයට ද ?

Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy S20 Series එකේ සිට 108MP Camera Sensor, Galaxy Ultra Devices සදහා යොදා ගනු ලබනවා. මේ මගින් ඉහළ Resolution එකකින් යුතු මෙන්ම ඉහළ Details ප්‍රමාණයකින් යුතු ඡායාරූපයක් ගැනිමේ අවස්ථාව ලබා දෙනවා.

මිලග වසරේදි නිකුත් විමට නියමිත Samsung Galaxy S22 Series එකේ Camera Setup එක පිළිබඳ නිකුත් වුණ නවතම තොරතුරුවලට අනුව එහි Galaxy S22 Ultra Device එකේ Camera එක සදහා Detail Enhancer නම් අලුත් Feature එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙය Galaxy S22 Ultra Device එකත් සමග අඩංගු වෙන 108MP Camera Sensor එක සදහා ලබා දෙනු ඇති බවත් වැඩි දුර දක්වන්න පුළුවන්. මේ නව Feature එක මගින් එහි සමන්විත වෙන 108MP Camera Sensor එක ඔස්සේ පෙරට වඩා වැඩි Details සහිත ඡායාරූපයක් ලබා ගැනිමේ හැකියාව ලැබෙනු ඇති බවත් කියන්න පුළුවන්.

මිට අමතරව මේ 108MP Camera Sensor එකටම මේ නව Detail Enhancer Feature එක ඔස්සේ Macro ඡායාරූප ගැනිමේ හැකියාවත් Samsung සමාගම විසින් ලබා දෙනු ඇති බවටත් විවිධ තොරතුරු පළ වෙනවා. එහිදි බොහෝ විට 108MP Camera Sensor එක හා Ultra Wide Camera Sensor එක එකාබද්ධව ක්‍රියාත්මක වි වඩාත් හොද Macro ඡායාරූපයක් ගැනිමේ හැකියාව ලබා දෙනු ඇත. නැතිනම් 108MP Camera Sensor එක මගින් ලබා ගත හැකි Super Resolution එක උපකාරි කර Macro ඡායාරූප ගැනිමේ හැකියාව ලබා දිමේත් හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් Galaxy S22 Ultra Devices එකේ 108MP Camera Sensor එක සදහා ලබා දෙන Detail Enhancer Feature එක Macro ඡායාරූප ගැනිමට යොදා ගැනිමට වඩා Multi-frame Processing Techniques හා වෙනත් Software Techniques උපයෝගි කර ගෙන සාමාන්‍ය ඡායාරූපකරණයේ ගුණාත්මක භාවය ඉහළ නංවා Landscapes ඡායාරූප, සුරතල් සතුන්, පුද්ගලයින් වැනි එදිනෙදා ජායාරූප ගැනිම සදහා යොදා ගැනිමට හැකි ලෙස ලබා දිමටත් ඉඩකඩ තිබෙනවා.

Source : Android Authority