Loading...
iOS 15 වලින් නවතින iPhone 7, iOS 16 සංස්කරණය ලැබෙන iPhones ලැයිස්තුව මෙන්​න

Apple සමාගම විසින් iOS සඳහා වන ප්‍රධානතම යාවත්කාලීන සංස්කරණය වන iOS 16 සංස්කරණය එලිදක්වනු ලැබුවා. WWDC 2022 හි keynote එක අතරතුර මෙම න​ව යාවත්කාලීන සංස්කරණයේ පිළිබඳව​ද තොරතුරු නිල වශයෙන් Apple වෙබ් අඩවි​යේ එළිදක්වා ඇති අතර, iOS 16 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර අපට Apple වෙබ් අඩවියෙන් බලා ගැනීමට හැකිය.

පුදුමයට කරුණක් නම්, Apple හි වෙබ් අඩවියට අනුව, iOS 16 සංස්කරණය සඳහා iPhone 8 හෝ පසුව එලිදැක්වුනු iPhone පමණක් සහය දක්වනු ලබයි. මෙයින් අදහස් කරන්නේ Apple විසින් iPhone SE (1st Gen), iPhone 6s සහ iPhone 7 සඳහා යාවත්කාලීන සංස්කරණයන් ලබා දීම අත්හිටුවා ඇති බවයි. පසුගිය මාසයේ නවත්වන ලද iPod touchද නව iOS යාවත්කාලීන කිරීම් සඳහා තවදුරටත් සහය නොදක්වයි.

New software features will be available this fall as a free software update for iPhone 8 and later. For more information, visit apple.com/ios/ios-16-preview. Features are subject to change.

iOS 16 සමඟ අනුකූල වන iPhone මාදිලි

  • iPhone 8 and 8 Plus
  • iPhone X
  • iPhone XS and XS Max
  • iPhone XR
  • iPhone 11
  • iPhone 11 Pro and Pro Max
  • iPhone 12 and 12 mini
  • iPhone 12 Pro and Pro Max
  • iPhone 13 and 13 mini
  • iPhone 13 Pro and Pro Max
  • iPhone SE (2nd and 3rd gen)

අදින් පසුව මෘදුකාංග සංවර්ධනයන් සඳහා ව​න iOS 16හී developer beta සංස්කරණය ලබා ගැනීමට හැකි අතර Public beta එ​ක ලබණ මාසයේ නිකුත් කෙරෙනු ඇත.