ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ PUBG ඇතුලු චින Apps 117 තහනම් කිරිමට කටයුතු කලා. ඒ වගේම Fortnite Game එකද Appstore සහ Playstore තුලින් ඉවත් කිරිමට කටයුතු සිදු වුවා. ඒ nCore Games නම් ඉන්දියානු වීඩියෝ ක්‍රීඩා නිපදවන ආයතනයක් විසින් Fearless And United: Guards හෙවත් FAU-G නමින් PUBG Mobile විකල්පයක් නිපදවන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ වන විට මේ FAU-G Game එකේ Cinematic Trailer එක මේ වන විට n-Core Gamesහි නිල Twitter ගිණුම හරහා එළිදක්වලා තිබෙනවා.

මේ FAU-G Teaser Video එකට අනුව මේ Background එක ගැල්වාන් නිම්නය (Galwan Valley) විදිහට හදුනා ගන්න පුළුවන්. ගැල්වාන් නිම්නයේ දි ඉන්දියානු හා චීන හමුදා අතර මාරාන්තික සටනක් ඇති වි ඇති අතර එම සටනෙන් ඉන්දිය සොල්දාදුවන් 20 දෙනෙකු පමණ දිවිපුද කර තිබෙනවා.

Galwan valley

FAU-G Game එග ඉලග මාසයේ දි බොහෝ විට එළිදැක්වීමට නියමිතයි. ඒ වගේම මෙය නොවැම්බර් මාසයේ එළිදැක්වෙන බව Tweet එකේ සදහන් වෙනවා. ඒ වගේම මේ FAU-G Game එක Battle Royale ආකාරයේ Game එකකට වඩා Story-driven Game එකක් විය හැකි බවයි මේ Trailer එකට අනුව පෙනි යන්නේ. ඒ වගේම nCore Gamesහි Co-founder වෙන Vishal Gondal මහතා විසින් මේ වන විට තහවුරැ කර තිබෙනවා මේ Game එක Third-Person Brawler Game එකක් වෙන බවයි.

Sources : Beebom