Loading...
ස්වයංක්‍රීයවම Charging Pad එක වෙතට ගමන කරන  Wireless charging Smartphone Case එක

Case Crawler කියන්නේ Robotic Legs සහිත Smartphone Case එකක් කිවොත් නිවරදියි. ඒ කියන්නේ මේ Smartphone Case එක නිර්මාණය කරල තියෙන්නේ Phone එක ස්වයංක්‍රීයවම Wireless Charging Pad එක වෙත ගෙන යා හැකි අකාරයට යි. කෙසේ නමුත් තාමත් මෙය පරික්ෂණ මට්ටමේයි පැවතෙන්නේ. මෙය නිපදවිම සිදු කර ඇත්තේ දකුණු කොරියාවේ සෝල් නගරයෙහි පිහිටි ජාතික විශ්වවිද්‍යාලයක රොබෝ පරික්ෂකයින් කණ්ඩායම්ක් විසින්.

Case Crawler නමින් නම් කර ඇති මෙය Smartphone Case එකක් සහිත කුඩා රොබෝවෙකු විදිහට හදුවන්න පුලුවන්. මේ කුඩා රොබෝවරයාට ඔහුගේ කුඩා කකුල් උපයෝගි කරගෙන දුරකථනය සහිත Case එක ආසන්නයේ ඇති Wireless Charging Pad එක වෙත ගෙන යා හැකිය. එමෙන්ම මොහුට තමන්ගේ බර මෙන් 13 ගුණයක් බරක් ඇති දුරකථනයක් වුවද පහසුවෙන් රැගෙන යා හැකිය.

ඔබ දන්නවා ඇති දැනට වෙළදපොල පවතින Roomba වැනි රොබෝ වැකුම් ක්ලිනර් (vacuum cleaner) පිළිබඳව.

මොවුන්ට තමන්ගේ Battery Capacity එක අඩුවු විට ඔවුන්ගේ Charging Pad එක වෙත ස්වයංක්‍රීයවම සොයා ගොස් ආරෝපණය විය හැකියි.

Smartphone එකකට මේ හැකියාව එක් වුවහොත් එය භාවිත කරන්නන් හට කෙතරම් පහසුවක් විය හැකිද ? ඒ විතරක් නෙවේයි, දුරකථනය සොයා ගැනිමට අපහසු අවස්ථාවලදි එය අප සොයා ගෙන පැමිණෙනවා නම්?

ඉතින් ඉදිරියේදි මේ සියල්ල යතාර්ථයක් වන බවට මේ සොයා ගැනිම තුලින් ඉඟිපල වෙනවා.

CaseCrawler නිර්මාණය කර තිබෙන්නේ බඩගා ය හැකි Smartphone Case එකක් විදිහට යි. කුඩා කකුල්වලින් සමන්විත වන මෙයට කුඩා, කුඩා බාධක වුද පසු කර Charging Pad එක වෙත යාමේ හැකියාව පවතිනවා.

දැනට මේ Smartphone Case එකට 300g දක්වා බරක් සහිත Smartphone එකක් රැගෙන යා හැකියි.

දැනට පර්යේෂකයන් විසින් මෙය සමග 190g බරක් ඇති Smartphone එකක් සාර්ථකව Charging Pad එක වෙත ගෙන යා හැකි බව පහත Videoව මගින් පෙන්වා තිබෙනවා.

හැබැයි තාම පර්යේෂණ මට්ටමේ තියෙන මේ CaseCrawler එකට ගමන් කල හැක්කේ Charging Pad එක වෙත පමණයි. ඒ කියන්නේ තවම මේ Prototype එකටම Charging Pad එක සොයාගෙන ඒ වෙතට ගමන් කිරිමේ හැකියාවක් පවතින්නේ නැ. පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ ඉදිරියේදි ඔවුන් සුදුසු Sensing and Control functions යොදා ගෙන මේ Smartphone Case එකටම තමන්ගේ Charging Pad එක සොයා ගෙන ඒ වෙතට ගමන්කල හැකි ආකාරයට නිපදවිමට බලාපොරොත්තු වෙන බවයි.

ඒ කියන්නේ ඉදිරියේදි අපිට Charging Pad එකට යන Smartphone Case එකක් විතරක් නෙවේ , අපිට Smartphone එක සොයා ගැනිමට නොහැකි වු විට එය විසින්ම අප සොයා ගෙන එන අකාරයේ Smartphone Case එකක් දැක ගැනිමට හැකියාව ලැබේවි.

Source - Android Authority