Samsung Galaxy S24 Series එක එළිදැක්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කළ බවත් එම දිනය ජනවාරි 17 බවත් මීට පෙර අපි ඔබට වාර්තා කළා.
Samsung s24 Ultra නවතවම විශේෂාංග තුනක් එක් කරමින් ඔවුන්ගේ නම දුරකතනය සමඟින් පාරිභෝගිකයන් එක්ක අලුත් බැඳීමක් ඇති කරගැනීමට බලාපොරොත්තු වන අතර ඔවුන් අලුත් තීරණ තුනක් ලබා ගත් බව ලෝකප්‍රකට Forbes වෙබ් අඩවිය සදහන් කරනවා.
කැමරා 4කින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව 200MP වන බව
කැමරා 4කින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව 200-megapixel වන බවයි සදහන් වෙන්නෙ. ඒ වගේම 12-megapixel Ultrawide lens එකක් සහා 10-megapixel සහා 50-megapixel telephoto lenses වශයෙන් lenses දෙකක් බලාගන්න පුළුවන් බවයි පවසන්නෙ. ඒ වගේම ඒව අතර x2, x3, x5, x10 වශයෙන් optical Zoom පහසුමකද අපිට බලාගන්න පුළුවන් බවයි සදහන් වන්නෙ.
ඇඟිල්ලකට වඩා බොහෝ වාසි ලබා දීමට නියමිත S-pen එක
Galaxy Note series එකට තමා මුලින්ම Samsung විසින් මේ S-pen එක හඳුන්වා දෙන්නෙ. එහෙත් පසුව S-pen Samsung Galaxy Smartphone වල ප්‍රධාන කොටසක් බවට පත් විය. ඇඟිල්ලකට වඩා බොහෝ වාසි ලබා දීමට නියමිත බවයි Forbes සදහන් කරන්නෙ. ඔවුන් පවසන්නෙ ලොකු වෙනසක් සමඟ මේ අලුත්ම S-pen නිකුත් වන බවයි.
මේ පිළිබඳව ලොකු තොරතුරක් නොමැති වුවත් ඉක්මනින් මේ පිලිබඳ විස්තර ලැබුන ගමන් තව ලිපියක් හරහා අරගෙන එන්නම්.
S24 lineup එක සදහා Titanium භාවිතා කරන බව
Apple iPhone 15 Series එකෙහි මෙන් Galaxy S24 සඳහාද titanium භාවිතා කරන බවට තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳව අප විසින් මීට පෙර ඔබ වෙත ගෙන ආ ලිපිය ඔබට පහතින් කියවිය හැකියි.
Source: Forbes