Microsoft සමාඟම මෑතක පටන් Linux සඳහා විශේෂ සැලකිලි දක්වන බව Android වැඩකාරයෝ සමඟ සිටින පාඨක ඔබ දන්නා කරුණකි.

නවතම පුවත වන්නේ Microsoft සමාගම විසින් Microsoft Defender Advanced Threat Protection (ATP) වැඩසටහන Linux සඳහාද ලබා දීමයි. මෙහි Android සංස්කරණයක් මින් පෙර නිකුත් වූ අතර එය පිළිබඳව පහතින් තොරතුරු ලබාගත හැක.

Microsoft Defender Anti-Malware App එක Android වල Release වෙයි
Microsoft සමාගම ඔවුන්ගේ cyber-security software එකේ public preview එක මේ වෙද්දි Android platform එකේ release කරලා තියෙනවා. ඉතින් මේක නම් කරලා තියෙන්නේ Microsoft Defender Advanced Threat Protection (ATP) විදිහටයි. මේ software ගොඩක් ම aim කරලා තියෙන්න් end-users ලට වඩා enterprises වලටයි. Microsoft ලට …

Microsoft සමාඟම පවසන ආකාරයට desktop සහ server platforms පහසුවෙන් කළමනාකරණය කරගැනීමට මෙය ප්‍රයෝජනවත් වන බවයි. එයට හේතුව වන්නේ මෙමඟින් එම සියල්ල ඒකාබද්ධ කළ හැකි වීමයි.

Linux සඳහා වූ Microsoft Defender ATP සංස්කරණය පහත දැක්වෙන Linux Distribution සඳහා සහය දක්වයි.

  • RHEL 7.2+
  • CentOS Linux 7.2+
  • Ubuntu 16 LTS, or higher LTS
  • SLES 12+
  • Debian 9+
  • Oracle Linux 7.2

Microsoft සමාඟම පවසන පරිදි, Puppet, Ansible හෝ ඕනෑම Linux configuration management tool  එකක් භාවිතා කර මෙය configure කරගත හැකි බවයි. Linux සඳහා වූ Defender ATP වැඩසටහන භාවිතා කිරීමට Microsoft Defender ATP for Servers license එක අවශ්‍ය වන අතර, මෙය භාවිතා කිරීමට අවශ්‍ය උපදෙස් මෙතැනින් ලබාගත හැක.

Microsoft සමාඟම පවසන ආකාරය මෙය Microsoft සහ Linux එක්ව යන ගමනේ ආරම්භය පමණක් වන අතර ඉදිරියේදී මෙවැනි බොහෝ දේ හඳුන්වාදෙන බවයි ඔවුන් පවසන්නේ.