Loading...
GTA 6 leak එකට සම්බන්ධ යැයි සැලකෙන 17 හැවිදිරි එංගලන්ත තරුණයෙකු අත්අඩංගුව​ට

දැනට සිදුකරගෙන යන පරීක්ෂණයක් කොටසක් වශයෙන් එංගලන්ත පොලිසිය විසින් GTA 6 leak එකට සම්බන්ධ යැයි සැක කෙරෙන 17 හැවිරිදි තරුණයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ex-Reuters මාධ්‍යවේදී Matt Keys විසින් මෙම අත්අඩංගුවට ගැනීම කෙළින්ම Rockstar Games සිදුවීමට සම්බන්ධ බවටද පවසා ඇත.

මෙම පුවත Uber ඔවුන්ගේ System Hack එක හෙළි කිරීමෙන් දින කිහිපයකට පසුව පළ වී ඇති අතර සිදු කරන ලද පරීක්ෂණයට අනුව හෙළි වී ඇත්තේ එහි ද වරදකරු මොහු බවයි. Matt Keys ගේ වාර්තා කිරීම ට අනුව මෙම 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමේ කාර්යය London පොලිසිය විසින් FBI විසින් සිදු කරන ලද පරීක්ෂණයට ඒකාබද්ධ ව සිදු කර ඇත. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන බව London පොලිසිය විසින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්, FBI ආයතනයෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගත හැකි බවත් Matt Keys වැඩිදුරටත් පවසයි.

මෙම සතිය මුලදී, Uber පැවසු අන්දමට තම පද්ධති hack කිරීම "Lapsus$ නම් අනවසරයෙන් ඇතුළු වීමේ කණ්ඩායමකට අනුබද්ධ" පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව විශ්වාස කරන අතර එය Microsoft, Samsung, Cisco වැනි විශාල සමාගම්වලට ප්‍රහාර එල්ල කිරීමට බැඳී සිටින බවයි. Matt Keys පවසනනුයේ Rockstar Games සිද්ධියට අත්අඩංගුවේ පසු වන සැකකරු "Lapsus$" ලෙස හඳුනා ගන්නා කණ්ඩායමකට සම්බන්ධ බවට විශ්වාස කරන බවයි"

දැනට මෙම තොරතුරු පමණක් ප්‍රසිද්ධ කර ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳ වැඩිදුර ප්‍රකාශ නිකුත් කිරීමට FBI හා එක්සත් රාජධානි බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටි.

Sources: PC Gamer