Loading...
Galaxy Note 20 ගැන අලුත්ම තොරතුරු


ගොඩ දවසකින් ඔන්න තවත් Post එකක් අරන් එන්න හිතුවා මේක නම් ටිකක් Interesting Post එකක් වෙයි. මොකද කිව්වොත් තව මාස කිහිපයකින් Samsung ලගේ මීලග Flagship එක වෙන Galaxy Note 20 Series එක Release වෙන්න නියමිතයි. ඉතින් විවිධාකාරයේ කරුනු මේ ගැන පල වෙන්න ගත්තා සමහර දේවල් මාත් පල කරා කොහොම උනත් ඒ කියපු හැම එකක්ම ඒ විදිහට නොපැමිනෙන බවක් තමා පෙනී යන්නේ. හේතු මම මේ Post එක මගින් කතා කරන්නම්.

මුලින්ම කියන්න ඕන දැනට ලැබුන අලුත්ම තොරතුරු තමා Galaxy Note 20 Series එකේ Upgrade වෙලා එන Camera Setup එක ගැන. ප්‍රසිද්ද Leaker කෙනෙක් වෙන ice Universe සදහන් කරලා තිබුන ආකාරයට මෙන්න මේ ආකාරයට තමා Note 20 වල Camera Setup එක පැමිනෙන්නේ.

  • Isocell Bright HM1 108MP Main Camera
  • 12MP “2L3” Ultra-Wide Camera (New)
  • 13MP “3M5” Periscope Camera 50X Zoom (New)
  • Laser Auto Focus Sensor (New)

Isocell Bright HM1 108MP Main Camera  

හරි අපි බලමු මොනාද මේ New New ගගා දාලා අලුත් වෙලා තියෙන්නේ සහා වෙනස් වෙලා තියෙන Sensors පිලිබදව. මුලින්ම කතා කරන්නම් HM1 108Mp Sensor එක ගැන මම කලින් සදහන් කරපු පරිදි අපි හිතුවේ Samsung ලා විසින් අලුතෙන්ම නිපදවූ 50Mp Sensor එක Note20 සමග එයි කියලා නමුත් එය එසේ නොවී Vivo X50 Series එකේ Main Sensor එක විදිහට Samsung ලා පලමු වරට Vivo ආයතනය වෙත දීලා තිබුනා මේ Sensor එක. ඒ කොහොම උනත් 108MP HM1 Sensor එක නැවතත් අලුත් Improvements සමග Note 20 Main Camera එක විදිහට පැමිනෙන බව දැනට සදහන් වෙනවා. බොහෝ දුරට S20 Ultra වල 108MP Mode එකේ තිබුන Dynamic Range ගටලුව විසදලා ඇති කියලා අපිට විශ්වාස කරන්න පුලුවන්.

12MP “2L3” Ultra-Wide Camera

ඒ වගේම කියන්න ඕන Note 20 සමග පැමිනේන්නේ Samsung ලා විසින් Upgrade කරපු අලුත්ම Ultra Wide Sensor එකක් අපිට මේ හරහා  1.4 micrometer අගයක් බලා ගැනිමේ හැකියාව පවතිනවා මේ Sensor එක සමග ( DRAM ) Dynamic Random Access Memory එකක්ද ඇතුලත් කර පැමිනේන්නේ මේ හරහා Readout Speed එක සහා Super Slow Motion 1000Fps 720p, Dual Pixel Auto Focus, Wider Dynamic Range, Sharp Images, Less Noise Reduction වගේ අලුත් Features ටිකක් බලා ගැනීමට හැකියාව ලැබෙනවා මේ ගැන තවත් තොරතුරු හොයන කෙනෙක්ට පහල Link එකට පිවිස Samsung News Room එකෙන් දැමූ Post එක කියවලා බලන්න.

Samsung’s Newest ISOCELL Image Sensor Enables Mobile Devices to ‘Slow Down’ Time
The new 3-stack ISOCELL Fast 2L3 with integrated DRAM supports super-slow motion, low-light shooting, real-time HDR imaging, while minimizing picture distortion

13MP “3M5” Periscope Camera 50X Zoom

මේ ගැන නම් බොහොමයක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා ඇයි Periscope Sensor එකෙහි Megapixel ගාන සහා Zoom Capacity එක Reduce කරලා තිබෙන්නේ කියලා මෙයට හේතුව තමා MP ගානට වඩා Low Light Performance වැදගත් බව Samsung ලා විසින් වටහා ගෙන මේ Sensor එක නිපදවලා තිබෙන්නේ S20 Ultra එකේහි පැමිනුන 48MP Periscope Sensor එක වෙනුවට. S5K3M5 නම්න් තමා මේ Sensor එක හදුන්වන්නේ. Sensor Specs බලා ගන්න පහත Link එකට පිවිසෙන්න. තවත් දෙයක් එතකොට කෝ 100X Zoom ? 100X Zoom කියන්නේ Useless Feature එකක් කියලා Samsung ලා විසින් වටහා ගෙන තිබෙනවා ගොඩක් S20 Ultra ගත්ත Users ලා මේ 100X Feature එක භාවිතා කරලා තිබෙන්නේ බොහොම අඩුවෙන් මොකද කිව්වොත් ඈත තිබෙන Object එකක් හදුනා ගන්න හෝ Text එකක් Read කිරීම හැර 100X දක්වා Zoom කර ලබා ගන්නා Images වල Quality එක හොද මට්ටමක නොතිබීම මෙයට හේතුවයි. මේ Feature එක Usefull උන කාලෙක නැවත Samsung ලා විසින් හදුන්වා දෙයි. කොහොම උනත් දැනට නවතම Improved කරපු 50X Zoom Option එකක් ලබා දීලා ත්බෙනවා මේ අලුත් Periscope Sensor එක මගින්. 120Fps Video Recording, Wider Dynamic Range, 50X Zoom, වගේ අලුත් Features මේ Sensor එක හරහා බලා ගන්න පුලුවන්.

ISOCELL Slim 3M5 | Mobile Image Sensor | Samsung Official
Samsung ISOCELL Slim 3M5 mobile image sensor enables smartphones to offer vivid photos at anytime in slim device.

Laser Auto Focus Sensor

පෙර වැරදි නැවත හදා ගන්න Samsung ලා විසින් Note 20 එකේදි උත්සහා කරලා තිබෙනවා ඒ තමා 108MP Sensor එකේ තිබුන Focus Issue එක නියම පිලිතුරක් දෙමින් මෙවර වෙනම Focus වලටම Target කරපු Laser Auto Focus Sensor එකක් එවනවා Note 20 සමග. TOF Sensor එක ඉවත් වී තමා මේ Laser Auto Focus Sensor එක මෙයට ඇතුලත් වෙන්නේ. අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් Close Objects වල Focusing වගේම Video Focusing Improve කරලා ඇති කියලා මේ හරහා. 108Mp Sensor එක කියන්නේ හොද Power Full Sensor එකක් උනත් Software Hardware Combination එක S20 Ultra එකේදි හරියට පැමිනුනේ නැති නිසා තමා ව්විද ගැටලු වලට මුහුන දෙන්න උනේ මෙවර ඒ ගැටලු විසදලා ඇති කියලා අපි හිතමු.

තවත් අලුත් ආරංචි කිහිපයක්ම තිබෙනවා ඒ ගැන වෙනම Post එකක් අරන් එන්නම් අද Camera Features ගැන Post එක පල කර්නන හිතුවා. ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ පල කරන්න. අනිත් අයටත් දැන ගන්න Share කරන්න අමතක කරන්න එපා.