Google Drive මඟින් හඳුන්වා දී ඇති නවතම Workspace Smart විශේෂාංගය හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික ලිපිගොනු සහ Folders ස්වයංක්‍රීයව විශ්ලේෂණය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම විශේෂාංගය නිසා බොහෝ පරිශීලකයින් Drive වෙත Upload කර Sensitive Data සහිත Documents පිළිබඳව දැඩි කනස්සල්ලක් පළ කරමින් සිටීනවා.
නව විශේෂාංගය ක්‍රියා කරන්නේ කෙසේද?
ඔබ Gemini හෝ Google Workspace Subscriber එක ලබාගෙන සිටින පාරිභෝගිකයෙකු නම් Google Driveහි ඔබ සතු Folders සහ Documents පිළිබඳව AI මඟින් සකස් කළ සාරාංශයක් (Summary) ඉහළින්ම දැකගත හැකියි.
මෙම AI විශේෂාංගය ඔබගේ Folders තුළ ඇති සියලුම Files, Sub folders සහ එම Documents තුළ අඩංගු තොරතුරු පවා කියවා බලා සාරාංශයක් සකස් කරනු ලබනවා. මේ ඔස්සේ සාමාන්‍ය PDF ගොනුවලට අමතරව, ඔබ ස්කෑන් කර ගබඩා කර ඇති හැඳුනුම්පත් (IDs) හෝ බිල්පත් වැනි රූප සටහන් (Images) පවා කියවීමට මෙම විශේෂාංගයට හැකියාව තිබෙනවා.
පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළු
බොහෝ පරිශීලකයින් මතු කරන ප්‍රධාන ගැටළුව වන්නේ මෙම විශේෂාංගය ඔවුන්ගේ අවසරයකින් තොරව ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වීමයි. එනම් පරිශීලකයා ඉල්ලීමක් නොකළද, Folder එකක් විවෘත කළ සැණින් එහි අන්තර්ගතය AI මඟින් කියවා සාරාංශයක් පෙන්වීම "ඔත්තු බැලීමක්" ලෙස බොහෝ දෙනා දක්වනවා.
කෙසේ වෙතත් Google සමගම පවසන්නේ මෙම දත්ත AI පුහුණු කිරීම සඳහා භාවිතා නොකරන බවත්, ඒවා Encrypted කර ඇති බවයි. නමුත් AI එකට එම ගොනු කියවීමට නම් Encryption keys Google සතුව තිබිය යුතු අතර එය ආරක්ෂාව පිළිබඳ සැකයක් මතු කරනවා.
මෙම විශේෂාංගය අක්‍රිය කරන්නේ කෙසේද?
ඔබත් ඔබගේ ලිපිගොනු AI මඟින් කියවීමට අකමැති නම් පහත පියවර අනුගමනය කර එය අක්‍රිය කළ හැකිය:
- Google Drive හි ඉහළ දකුණු කෙළවරේ ඇති Settings මත Click කරන්න.
- Settings > Privacy වෙත යන්න.
- Manage Workspace smart features settings යටතේ ඇති Smart features in Google Workspace යන්න අක්‍රිය කරන්න.
විශ්වාසය පළුදු වීම නිසා බොහෝ දෙනා දැන් සිය සංවේදී දත්ත (හැඳුනුම්පත්, රක්ෂණ පත්, බදු වාර්තා) Google Drive වෙතින් ඉවත් කර Bitwarden, Enpass හෝ Filen වැනි වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය සුරකින සේවාවන් වෙත යොමු වෙමින් සිටින බව වාර්තා වනවා. කෙසේ වෙතත් ලිපිගොනු විශාල සංඛ්‍යාවක් ඇති විට අවශ්‍ය දේ සොයා ගැනීමට කාලය ඉතිරි කර දීම මෙහි ප්‍රධාන අරමුණ බව Google සමාගම වැඩි දුරටත් දක්වා තිබෙනවා.
Source: www.androidauthority.com








