Loading...
Visionox විසින් under-display camera සහිත display මහාපරිමාණ නිෂ්පාදනයට සැරසේ

චීනයේ තියෙන OLED Display නිෂ්පාදනය කරන සමාගමක් වෙන Visionox සමාගම ලෝකයේ ප්‍රථම Under-display camera system එක develop කරලා තියෙනවා. ඔවුන් සඳහන් කරන විදිහට මේකෙ mass production එක වෙනුවෙනුත් සියල්ල සූදානම්!

Visionox සමාගම පවසන ආකාරයට ඔවුන් මේ camera system එක හදද්දි use කරන්නෙ විනිවිදභාවය අතින් වැඩිම materials, අලුත් drive circuits සහ pixel structures. සමාගම පවසන විදිහට මේ combination එක අනර්ඝ under-display camera system එකක් නිර්මාණය කරනවා.

තව දුරටත් මේකෙ use කරලා තියෙන materials ගැන කතා කරද්දි විශේෂම දෙයක් තමා මේකෙ transparency එක improve කරන්න Visionox සමාගම අලුත් organic සහ inorganic materials use කරලා තියෙනවා කියන කාරණය. මේකෙ efficiency එක වැඩි කරන්න Visionox ලා පුලුවන් තරම්ම transparent materials යොදාගෙන තියෙනවා.  මේ අතරවාරයේ non-transparent parts සඳහා Visionox සමාගම විසින් transparent conductive layers යොදාගෙන තියෙනවා. ඒ light diffraction එක නැති කිරීම සඳහයි.

Under-display camera සම්බන්ධයෙන් ගොඩක් tech companies වලට තිබ්බ බාධකයක් උනේ image quality එක. කෙසේ වෙතත් Visionox සමාගම පවසන්නෙ මේ camera system එකේ image quality එක දැනට වෙළඳපලේ ඇති අනෙකුත් smartphone වල camera systems වල image quality එකත් එක්ක සම මට්ටමක පවතිනවා කියලයි.

Notches, punch holes වගේ features වලින් screen එකට බාධාවක් වෙන නිසාත්, pop-up cameras වගේ moving parts වලින් වුවත් කාලයෙන් කාලයට විවිධ සංකීර්ණ ගැටළු මතු වෙන නිසත් housing cameras වලට වඩාත් ideal ම solution එක විදිහට under-display camera system එක හඳුන්වන්න පුලුවන්.

ඒ වගේම තමා under-display camera systems ගැන අහන්න ලැබෙන පලවෙනි අවස්ථාවත් මේක නෙවේ. මීට කලින් Oppo, Xiaomi වගේ සමාගම් prototype under-display smartphones මගින් මේ ගැන කතා කරලා තියෙනවා.

Visionox ලා මේක mass production එකට සූදානම් කියල ප්‍රකාශ කරත් මේ camera system එක smartphone එකක කවද දකින්නට ලැබෙයිද කියල තාම නිශ්චිත සඳහනක් නෑ. බොහෝදුරට මේ අවුරුද්දෙ අගදි නැත්තන් ලබන අවුරුද්දෙ මුල් කාලයෙදි මේ technology එක තියෙන smartphone එකක් release වෙයි කියල අපේක්ෂා කරන්න පුලුවන්.

කෙසේ වෙතත් දැන් තියෙන තත්වෙ විදිහට අපිට කියන්න බෑ මේ technology එක commercially pioneer කරන්න මොන සමාගමට හැකි වේවිද කියලා. ඒත් Visionox ලගෙ ප්රකාශයන් සලකලා බලද්දි අපිට මේ under-display camera system එක ගැන hope එකක් තියාගන්න පුලුවන්!

Image source: GSMArena