Loading...
Water proofද? Water resistantද? පැටළුම ලිහා ගමු

අහල තියෙනවනේ වතුර යන්නේ නැති ෆෝන් ගැන. ඉස්සර නම් ඉතිං වතුර යන්නේ නෑ කිව්වම මතක් වෙන්නේ SONY. ඉස්සර මගේ ආසම බ්‍රෑන්ඩ් එක. කොච්චරද කියනව නම් ගෙදර ගොඩක් දේවල් SONY. මොකද ෆෝන් එක උනත් හදිස්සියට iron එකට ගන්න පුලුවන්නේ. දැන් ඕකට අපේ සමහරක් කියනව Water proof කියල. සමහරක් කියනව Water resistant කියල. සමහරක් කියනව ඔය දෙකම එකක් කියල. ඉතිං අපි මුලින්ම ඔය දෙකේ පැටළුම ලිහා ගමු. ඇත්තටම මීට අමතරව Water-repellent කියල තවත් එක ප්‍රොටෙක්ශන් එකක් තියෙනව. ඒත් දැනට භාවිතා වීම අඩු නිසා අපි ඒ ගැන මෙතනදි වචනයක්වත් සඳහන් කරන්නේ නෑ. මොකද කාලය සහ පෝස්ට් එකේ දිග ගැන හිතලා.

01. Water resistant

මේ කැටගරි එකේ තියෙන ෆෝන් ඇත්තටම වතුර එක්ක ගැටුනම ඒ වතුර ඇතුලට නොයන විදිහට විතරයි හදල තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් මේසෙ උඩ ෆෝන් එක තියෙනව. ඒ අස්සේ බිබී හිටපු හිටපු වතුර වීදුරුව මේසෙ උඩ තියල අත ගන්නකොට ඕක උඩට අර වතුර වීදුරුව හැලෙනව. අන්න ඒ වගේ වෙලාවට වතුර නොයන්න තමයි මේව හදල තියෙන්නේ. තව ඔය පොඩි වැස්සකට වගේ අවුලක් නැතුව කෝල් එකක් ගන්නව වගේ දේවල් තමයි මේ ෆෝන් වලින් කරන්න පුලුවන්. ඒ වගේම යම් කිසි සීමාවකට යටත්ව වතුර ඇතුලේ ෆෝන් එක යූස් කරන්න පුලුවන් මේ වගේ ෆෝන් වලට.

02. Water proof

වචනාර්තයෙන්ම කියවෙනව මොකක්ද මේක කියල. උදාහරණයකින්ම පැහැදිලි කරන්නම් මේක. අපි ගාව තියෙනව මොකක් හරි එන්විලොප් එකක් වගේ දෙයක්. අන්න ඒක වතුරට වතුරට දැම්මම වතුරට පෙගෙන්නේ නැති වෙන්න හදන එකට තමයි කියන්නේ වෝටර් පෲෆ් කියල.

එතකොට දැන් තේරෙනව ඇති මොකක්ද මේ දෙකේ වෙනස කියන එක. හරි අපි දැන් මෙතනින් නතර වෙලා බෑ. Water resistant ගැන කථා කරන්න ඕනේ. Water resistant එක්කම අපිට මතකෙට එන දෙයක් තමයි IP68, IP67 වගේ රේටින්ස්. දැන් කතා කරමු ඒව ගැන. මොකද නැත්තම් ඔය දේවල් ගැන කමෙන්ට් සෙක්ශන් එකේ අහද්දි ආයෙත් ඒ ගැන කියන්න කමෙන්ට්ස් තලන්න වෙනව. ඒක නිසා ඒ ගැන අපි කථා කරමු දැන්.

මොකක්ද මේ IP ස්ටෑන්ඩඩ් එක මොකක්ද කියලා. IP කියල කියන්නේ Ingress Protection කියන එක. මේක ෆෝම් කරන්නේ the International Electrotechnical Commission (IEC) කියන ආයතන්යෙන් IEC standard 60529 කියන ස්ටෑන්ඩර්ඩ් එක යටතේ. මේ කෝඩ් එක ඩිජිට්ස් එකකින් හරි දෙකකින් යුක්ත වෙනවා. දැනට ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන්නේ IP67 සහ IP68 කියන දෙක. ඒ කියන්නේ IP67, IP68 include කරල හදල තියෙන ඉලෙක්‍ට්‍රිකල් බඩු. දැන් බලමු මේ කෝඩ් එකෙන් කියවෙන්නෙ මොකක්ද කියලා.

IP code එකක ඉලක්කම් දෙකකින් කියවෙන්නෙ ප්‍රොටෙක්ශන් දෙකක් ගැන. ඒ කියන්නේ IP68 කියන එක ගත්තොත් 6න් කියවෙන්නේ එකක්, 8න් කියවෙන්නේ එකක්.

අමතක උනානේ. මුලින්ම කියල දෙන්න ඕනේ මේ කෝඩ් එකේ සංයුතිය කොහොමද තියෙන්නේ කියල. මම මගේ සහ ඔයාලට තේරුම් ගන්න පහසුවට ඉදිරියට පළවෙනි කෝඩ් එකට X කියලත් දෙවෙනි එකට Y කියලත් පාවිච්චි කරනව.

මේ කෝඩ් එක හැදෙන්නේ IPXY කියල. (උඩ කිව්ව X සහ Y වලින්). X වලින් කියවෙන්නේ Solid objects වලට තියෙන protection level එක, නැත්තම් Solid Protection. ඒ කියන්නේ ඇඟිලි වලින්, දූවිල්ලෙන්, ඝන ද්‍රව්‍ය වලින් වගේ දේවල් වලට තියෙන protection එක. මේ protection level එකේ range එක 0 ඉඳලා 6 වෙනකන් තියෙනව.

කෝඩ් එකේ දෙවෙනි එක, එහෙමත් නැත්තම් Y ගත්තොත් ඒකෙන් කියවෙන්නේ Moisture Protection එක, එහෙමත් නැත්තම් ජලයෙන් වෙන හානි වලට තියෙන protection level එක. මේකේ protection range එක 0 ඉඳලා 8 වෙනකන් තියෙනවා.

දැන් බලමු IEC එකෙන් මම අර කියපු Solid සහ Moisture protection කොහොමද හඳුන්වලා දෙන්නේ කියල.

මුලින්ම Solid Protection එක ගමු.

දැන් ගමු Moisture Protection එක

දැන් බලමු ඔය උඩ කියන දේවල් උදාහරණයකට අරං. මුලින්ම ගමු Oneplus 8 එක. Oneplus 8 එකට තියෙන්නෙ IP68 කියන rate එක. ඒ කියන්නෙ Oneplus 8 එක dust resitant (6), ඒ වගේම Oneplus සමාගම විසින් කියල තියෙන උපරිම ගැඹුර වෙනකන් Oneplus 8 එක වතුර ඇතුලට අරං යන්න පුලුවන් වෙන්න water resistant. ඒත් මතක තියා ගන්න ඕනේ, IEC එකෙන් Moisture protection 8න් කියන්නේ වැස්ස වගේ දේවල් වලට, ඒ වගේම හදිස්සියේ වතුරට වැටෙන දේවල් වලට වගේ දේවල් වලින් protect වෙන්න තියෙන විදිහට තමයි රේටින් එක දීල තියෙන්නේ.

දැන් ගමු iPhone 7 එක. මේකට එන්නේ IP67 කියන rating එක. මේකෙදි වෙනස් වෙන්නේ moisture protection එක විතරක් නිසා ඒ ගැන විතරක් කියන්නම්. iPhone එකට දීල තියෙන Moisture protection rating එකේ හැටියට ඒක උපරිම මීටරයක් වෙනකන් විතරයි වතුර යටට අරං යන්න පුලුවන්.

ඒ වගේමයි, එක ෆෝන් එකකට IP rate කිහිපයක් තියෙන්න පුලුවන්. අපි ගත්තොත් SONY Z5 එක IP65 එකටයි IP68 එකටයි certify කරල තියෙනව.

ඒ විතරක් නෙවෙයි සමහර device වලට IPX8 වගේ ratings තියෙන්නත් පුළුවන්. ඒකෙන් කියවෙන්නේ Moisture protection level 8 විතරයි ඒ device එකට තියෙන්නෙ.

ඊට පස්සේ තමයි වැදගත්ම කරුණ. IEC එක මේ Moisture protection රේටිංස් දෙන්නේ මිරිදියට විතරයි. ඒ එක්කම ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ත් 35ත් අතර තමයි මෙයාල රෙකමන්ඩ් කරන්නේ. ඒ එක්කම IEC එක කියනවා ෆෝන් එක වතුරට දානව නම් අනිවාර්යෙන් ෆ්ලැප්ස් හොඳට වහන්න කියලා. ඒ වගේමයි එයාල කියනව වතුරට දාල කොයිම වෙලාවකවත් වතුරට දාල බට්න්ස් ප්‍රෙස් කරන්න එපා කියල. වතුරට දාල ෆෝන් එක චාර්ජ් කරනව නම් ෆෝන් එක හොඳට වේලුනාට පස්සේ ඒක චාර්ජ් කරන්න කියල තමයි එයාල කියන්නේ.

මම මේ පෝස්ට් එක ලියන්න IEC එකේ publications පාවිච්චි කරා. ඒ අතරින් මොබයිල් ෆෝන්ස් වලට අදාල විදිහට විතරයි මේක ලියල තියෙන්නෙ. එයාලගේ IP ratings, mobiles වලට විතරක් නෙවෙයි, හැම විදුලි උපකරණයකටම අදාල වෙනව.